ජපානය අන්තර්ජාල වේගයේ නව ලෝක වාර්තාවක් තබලා

ජපානයේ ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් පසුගියදා තත්පරයට ටෙරාබයිට් 319ක (319 Tbps ක) වේගයකින් යුත් අධී වේගවත් අන්තර්ජාල පහසුකමක් සටහන් කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙය මීට පෙර ලොව වේගවත්ම අන්තර්ජාල සබඳතාව ලෙස ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් මගින් තබා තිබූ තත්පරයට ටෙරාබයිට් 178ක අන්තර්ජාල වේගය මෙන් දෙගුණයක වේගයක් ලෙස සටහන්ව තිබේ.

මෙලෙස 319Tbpsක අන්තර්ජාල වේගයක් ලබා ගැනීම යනු අන්තර්ජාලය හරහා දත්ත හුවමාරුව සඳහා ඉතාමත් සුවිශේෂී වේගයක් බවට පත්ව ඇත. එක් ටෙරාබයිටයක (TB) ගිගාබයිට් (GB) 1,000ක් ඇතුළත් වෙයි. නිවෙස්වල ඇති බොහෝමයක් අන්තර්ජාල සබඳතා තත්ත්පරයට මෙගාබයිට් (Mbps) පදනම් කරගත් වේගයක් පවතින සබඳතාවකි. එසේම ගිගාබයිට් 1ක (1GBps) අන්තර්ජාල සබඳතාවක් යනු Mbps සබඳතාවක් මෙන් 10 ගුණයක වේගයක් හා සමාන වන අතර එය ආසන්න වශයෙන් තත්පරය මෙගාබයිට් 1000කට සමාන වෙයි.

මෙලෙස 319Tbpsක වේගයත් අන්තර්ජාල සබඳතාවක් යනු සිනමාපට 57,000ක් තත්තරපයකට අඩු කාලයකදී ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්ථාව ලබාදිමක් හා සමාන වන බවත් තාක්ෂණික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. එහෙත් එය හුදෙක් දත්ත පිළිබඳ සඳහනක් පමණක් වන අතර කිසිවෙකුටත් තත්ත්පරයකට එවැනි ඩවුන්ලෝඩ් කිරීමක් සිදු කළ නොහැකිය.

එසේම මෙවැනි අධිවේගී අන්තර්ජාලයක් සාමාන්‍ය වෙළෙඳ පොළ වෙත ලබා දීමට නම් ඒ සඳහා සහාය දක්වන යටිතල පහසුකම් තවත් දියුණු වීම අනිවාර්යය වෙයි.

Visits: 83