ප්‍රයිම් ලැන්ඩ් රෙසිඩෙන්සීස් CSE හි ලැයිස්තුගතවීම ජූනි 08 දා

පසුගිය මැයි 11 වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ සිය මූලික කොටස් නිකුතුව සිදු කළ ප්‍රයිම් රෙසිඩෙන්සීස් ලිමිටඩ් සමාගම සිය කොටස් එහි ලැයිස්තුගත කිරීම ලබන ජූනි 08 වැනිදා සිදු කරන බව පවසයි.

මෙහිදී PLR-N-0000 යන කේතය යටතේ සමාගම ලැයිස්තුගතවීම සිදු වෙයි. එසේම ලැයිස්තුගතවීමේදී සමාගම මගින් ඡන්ද හිමි කොටස් 937,500,000ක් ලැයිස්තුගත කිරීමටද සූදානමින් සිටියි.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් සමාගම ලැයිස්තුගත වන්නේ එහි දිරි සවි පුවරුවේය. එහිදී සමාගම කර්මාන්ත යටතේ Real Estate (6010) ලෙස කාණ්ඩ කරන බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් සිය මූලික කොටස් නිකුතුව යටතේ රුපියල් බිලියන 1.95ක් වටිනා කොටස් නිකුතුවක් අවස්ථා දෙකක් යටතේ සිදු කළ අතර ඊට අධිඉල්ලුමක්ද හිමි විය.

Visits: 484