කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

පසුගියදා පාර්ලිමේන්තුව මගින් සම්මත කෙරුණු කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කොමිෂන් සභාව වෙත සාමාජිකයන් පත් කිරීම අද දිනයේදී සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් සඳහන් කරයි. මෙහිදී සභාපතිවරයාද ඇතුළුව සාමාජිකයන් හත් දෙනෙකු පත් කෙරී තිබේ.  

ඒ අනුව කොමිසමේ සභාපති ධුරය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාට හිමිව ඇත. ඒ මහතා හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සහෝදරයාද වෙයි.

මෙම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ආයෝජන මණ්ඩල හිටපු සභාපතිවරයෙකු වන සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් සභාපති කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සහ මැක්ලරන්ස් සමාගමේ සභාපති රොහාන් ද සිල්වා යන මහත්වරුන්ය.

මෙම සාමාජිකයන් පත් කිරීමේදී කිසිදු විදේශිකයෙකු ඒ සඳහා පත් නොකිරීමද විශේෂත්වයකි.

Visits: 134