පැල්වත්ත කිරි සමාගමෙන් කාබනික පොහොර වර්ග රැසක්

අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය අගය කරන බව මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම පවසයි.

පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත. එලෙසම අභියෝග රැසකට මුහුණ දෙන කාබනික පොහොර කර්මාන්තයට ජනාධිපතිවරයාගේ තීරණය වැඩිදුරටත් සහාය වනු ඇතැයි ද සමාගම විශ්වාස කරයි.

පැල්වත්ත කිරි සමාගම මෙරට කිරි කර්මාන්තයේ උන්නතිය උදෙසා සැලකිය යුතු දායකත්වයක් සපයන සමාගමක් ලෙස, ආර්ථික වර්ධනය හා විශේෂයෙන් මහජනතාවගේ යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටි.

සිය නවතම කාබනික පොහොර (කොම්පෝස්ට්) පසුගිය වසරේ ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දුන් පැල්වත්ත සමාගම කෘත්‍රිම පොහොර මෙන් නොව කාබනික කොම්පෝස්ට් මගින් කර්මාන්තයට හෝ පාරිභෝගිකයාගේ සෞඛ්‍ය හා ජීවන පුරුදු වලට සිදුවන හානිය ඉතා අවම තත්ත්වයක පවතින බව සහතික කරයි.

පැල්වත්ත කිරි සමාගමේ ගොවිපොළ කළමනාකාර චමිල මහතා පැල්වත්ත කාබනික පොහොර පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පැල්වත්ත කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භයේ සිටම පරිසරයට සහ සමස්තයක් ලෙස මුළු රටටම තිරසාර කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා පුරෝගාමීව කටයුතු කරනු ලැබුවා. මේ පිළිබඳව ගොවීන්ගෙන් අපට ලැබී ඇති ප්‍රතිචාර අති විශාලයි. කොම්පෝස්ට් චක්‍රය නිරතුරුවම ක්‍රියාත්මක කරවීමට අපි බලාපොරොත්තු වනවා.”

පැල්වත්ත කොම්පෝස්ට් වෙළඳසැල් හරහා දිවයින පුරා පැතිරී ඇති විකුණුම්කරුවන්ගේ ජාලය හා පොහොර බෙදා හැරීම සිදු කෙරේ. එහිදී සෑම මසකම කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 30 කට වඩා නිෂ්පාදනය කරනු ලැබේ. දැවැන්තම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මීට මාස කිහිපයකට පෙර කොම්පෝස්ට් සෑදීමේ කර්මාන්තයට පුරෝගාමී වූයේ එම ක්ෂේත්‍රයට තිරසාර වර්ධනයක් සහ සවිබල ගැන්වීමක් ලබා දීමේ අපේක්ෂාවෙනි.

සමාගමට ස්වභාවධර්මය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි අතර එය සමස්ථ ජනතාව කෙරෙහිම යහපත් බලපෑමක් ඇති කරනු ඇත. මූලික වශයෙන් ගව ගොම සහ කිරි ගොවිපල වලින් ලබා ගන්නා අපද්‍රව්‍ය වලින් මෙම කොම්පෝස්ට් නිෂ්පාදනය කෙරේ. මේ සමඟ එළදෙනුන් සඳහා ෆෙෆො‌රේජ් අපද්‍රව්‍ය සහ ඉතුරු ෆෙෆොරේජ්, කාබනීකෘත දහයියා, එප්පාවල පොස්පේට් සහ බාහිරින් ලබාගත් කුකුළු පොහොර පවා කොම්පෝස්ට් හි සාරය පොහොසත් කිරීමට යොදා ගනී.

පැල්වත්ත කොම්පෝස්ට් කාර්මික හා දෙපාර්තමේන්තු ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන අතර එහි ගුණාත්මකභාවය සහතික කර ඇත. ආහාර නිෂ්පාදනවල රසායනික පොහොර භාවිතය හා ඒවායේ බලපෑම අවම කිරීම සඳහා සමාගම මාස ගණනාවක් පුරා සමත් වී ඇති අතර තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය ද  වේගවත් කර තිබේ.

පැල්වත්ත කිරි සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “කණ්ඩායමක් ලෙස මෙම ක්ෂේත්‍රය තුළ සහ අනෙකුත් අංශ තුළද අපට කළ හැකි බලපෑම පිළිබඳ අපි ආඩම්බර වනවා. මෙම බලපෑම කර්මාන්තයට සහ ආර්ථිකයට ගුණාත්මක දායකත්වයක් ලබා දී ඇති අතර තව තවත් වෙළඳපොළ පුළුල් කිරීමට ද අපි බලාපොරොත්තු වනවා”

ආරම්භයේදී කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික කොම්පෝස්ට් භාවිතා කරන ලෙස රජය විසින් දෙන ලද උපදෙස් වලට අනුවය.

මූලික වශයෙන් වියළි කලාපය ඇතුළු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වකුගඩු ආශ්‍රිත රෝග වලින් දැඩි ලෙස පීඩාවට පත් වීමත් සමඟ රසායනික හා කෘතිම පොහොර තහනම නිවේදනය කෙරුණි. එතැන් සිට කාබනික කොම්පෝස්ට් පොහොර සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ.

Visits: 283