අපේක්ෂා රෝහලේ කොරෝනා වාට්ටුවට Global wings charity වෙතින් රු. මිලියන 10ක්

මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා ඉදිකිරීමට නියමිත කොරෝනා වාට්ටුව සදහා අද දින මිලියන 10 ක ආධාරයක් ලබාදිමට Global wings charity සංවිධානය මඟින් කටයුතු කර තිබේ.

ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ශ්‍රමදායකත්වයෙන් මෙම වාට්ටුව ඉදිකිරීම සැලසුම වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ ඉල්ලිම පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ පුර්ණ මෙහෙයවීම මත, ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහාතාගේ අධික්ෂණය යටතේ මෙම වාට්ටුව ඉදි කෙරෙන බව පැවසෙයි.

මෙහිදී එම මුදල් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම Global wings charity සංවිධානයේ නියෝජිතයන් පිරිසක් විසින් අද දිනයේදී සිදුකර තිබේ.

Visits: 75