සොෆ්ට්ලොජික් ලයිෆ් හෙළ සහ ආයුර්වේද රක්ෂණාවරණය හඳුන්වා දෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම දිවයින පුරා පිහිටි ලියාපදිංචි පාරම්පරික වෙදකම සඳහා වූ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානයින්හි සිදුකරන ප‍්‍රතිකාර සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කටයුතු කරන ලද බව පවසයි.

පාරම්පරිකව ශ‍්‍රී ලාංකිකයන් බහුතරයකගේ නොමද විශ්වාසයට බඳුන් වී ඇති සාම්ප‍්‍රදායික වෙදකම හා ප‍්‍රතිකාර ක‍්‍රම තවදුරටත් නගා සිටුවීම වෙනුවෙන් තමන් සතු සුවිශේෂී රක්ෂණ සේවාවන් අතරට නවතම රක්ෂණාවරණයක් ලෙස මෙම සේවාව එක් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගෙන ඇත.

විශේෂයෙන් දේශීය වශයෙන් පාරම්පරිකව එන රෝග සුව කිරීමේ මහඟු පාරම්පරික ඖෂධ සත්කාරයන්හි ප‍්‍රතිඵල ලබා ගැනීමට ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සේවා අතරට නවතම සේවාවක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දෙනු ලැබූ අතර ඒ තුළින් මෙරට සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමයන් ද තව තවත් දියුණවට පත් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා සඳහන් කර සිටියේ ‘‘ශ‍්‍රී ලාංකිකයන් අතර නොමද පිළිගැනීමට ලක්ව ඇති දේශීය සමාගමක් ලෙස මෙරට පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාර සේවාවන් ප‍්‍රවර්ධනය කිරීම අපගේ යුතුකමක් බව අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ඉක්මන් ශාරීරික හා මානසික සුවපත් භාවය වෙනුවෙන් ශ‍්‍රී ලාංකකියන්ගේ විශ්වාසය දිනාගෙන ඇති පාරම්පරික වෙදකම ඔවුන්ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වන්නක් ලෙසද සඳහන් කළ හැකියි. අද වන විටත් අප බොහෝ දෙනා නිදන්ගත හා අසාධ්‍ය රෝගී තත්වයන් සුව කර ගැනීම සඳහා සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රම වෙත යොමු වෙමින් සිටින බව රහසක් නොවෙයි’’. යනුවෙනි.

ඒ අනුව සොෆ්ට්ලොජික් ලයිෆ්හි ලියාපදිංචි ආයතනයක් විසින් නිකුත් කළ බිල්පතක් මගින් ඔවුන්ගේ ප‍්‍රතිකාර සඳහා වන වියදම් ආවරණයක් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම නවතම සේවාව මගින් ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත. අනාගත පරපුර උදෙසා මෙම වටිනා පාරම්පරික වෛද්‍ය ක‍්‍රමෝපායන් එලෙසම පවත්වා ගෙන යාම සිය වගකීමක් ලෙස සලකන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉදිරියේදී දිවයින පුරා පිහිටි පිළිගත් පාරම්පරික වෛද්‍ය ආයතන සහ වෛද්‍යවරුන් සිය දෙනෙක් සමග එක්ව පුළුල් සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටී.

Visits: 94