රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් කොටසකට රු. 25.00 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි කොටස්කරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 25.00ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

2020/2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන අතර එය පළමු අතරමැදි ලාභාංශ ලෙසත් සැලකෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන අප්‍රේල් 27 වැනිදා ප්‍රකාශ කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 05 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර ඉහත සඳහන් කළ ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

අද (මාර්තු 24) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 347.25ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී සමාගමේ කොටසක් සඳහා නියමව තිබූ රුපියල් 340.50ක වටිනාකම සාපේක්ෂව රුපියල් 6.75ක එනම් 1.98%න ඉහළ යාමකි.

Visits: 626