Expolanka Freight 2020 වසරේ ලොව මුල් පෙළේ ගුවන් භාණ්ඩ හුවමාරු සමාගම් 50 අතරට

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත අයත් efl (Expolanka Freight (Pvt) Ltd) සමාගම (EFL 3PL) ලෝකයේ මුල් පෙළේ ගුවන් භාණ්ඩ හුවමාරු සමාගම් 50 අතරට පත්ව ඇතැයි පවසයි. Transport Topics මගින් ඉදිරිපත් කරන TOP50 Logistics 2020 දර්ශකය තුළ මේ බව සඳහන් වෙයි.

ඒ අනුව EFL 3PL සමාගම මෙම දර්ශකයේ 25 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. එහිදී 2020 වසර තුළ සමාගම මගින් සිදු කර ඇති ගුවන් භාණ්ඩ හුවමාරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 188,264 කි.

මෙම දර්ශකයේ මුල් ස්ථානය ජර්මනියේ GHL Supply Chain සමාගම වෙත හිමිව ඇති අතර ඔවුන් සිදු කර ඇති ගුවන් භාණ්ඩ හුවමාරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,051,000 කි. දෙවැනි ස්ථානයේ ස්විස්ටර්ලන්තයේ Kuehne+Nagel සමාගම පසුවන අතර ඔවුන් සිදු කර ඇති ගුවන් භාණ්ඩ හුවමාරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,643,300 කි. තෙවැනි ස්ථානය ජර්මනියේ DB Shenker USA සමාගම හිමි කරගෙන ඇති අතර ඔවුන් සිදු කර අති ගුවන් භාණ්ඩ හුවමාරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,162,000 කි.

EFL 3PL සමාගම සඳහන් කරන ආකාරයට මෙම දර්ශකයට ඇතුළත් වූ ශ්‍රී ලංකාව මූලස්ථානය කරගත් එකම ගෝලීය සමාගම බවටත් EFL පත්ව තිබේ.

“ශ්‍රී ලංකාවේ මූලස්ථානය කරගත් ගෝලීය භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස අත්කරගත් මෙම ස්ථානය සම්බන්ධයෙන් සමාගම ලෙස ඉතාමත් සතුටට පත් වෙනවා. අපි ලෝකයේ මුල් පෙළේ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සිදු කරන ගෝලීයව වර්ග කෙරුණු සමාගමක් බවට පත්වුණු ආඩම්බරකාර ශ්‍රී ලාංකික සමාගමක්.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 911