NTB සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් – ඡන්ද හිමි කොටස් වෙයි

කොළඹ කොටස්  හුවමාරුවේ බැංකු අංශය තුළ ලැයිස්තුගත නේෂන්ස් ට්‍රස්ට් බැන්ක් පීඑල්සී බැංකුව තමන් සතු සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 255,950ක් සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් බවට හුවමාරු කෙරෙන බව සඳහන් කරයි.

2020 ඔක්තෝබර් 20 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් ලැයිස්තුගත කෙරෙන බව බැංකුව පවසා සිටියි. එහිදී සෑම සාමාන්‍ය නිෂ්ඡන්ද එක් කොටසක් සඳහාම ඡන්ද හිමි එක් කොටසක් ලෙසට මෙම හුවමාරුව සිදු කෙරෙන බව බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

ඊයේ දිනය වනවිට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතුව ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් 230,607,283ක් පවතී. ඒ අතරින් ඡන්ද හිමි කොටස වටිනාකම ඊයේ දිනය වනවිට රුපියල් 74.80ක් වූ අතර, නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 59.20 ක් විය. අද වනවිට බැංකුව සතු ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 5,101,369,000 කි.

Views: 446