ජර්මානු තානාපති ආයෝජන මණ්ඩලයේ සභාපති හමුවෙයි

අලුතින් පත්ව ආ ශ්‍රී ලංකාවේ නව ජර්මානු තානාපති හොල්ගර් සෙයුබර්ට් පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව එම මණ්ඩලය පවසයි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි එම මණ්ඩලයේ කාර්යාලයේදී මෙම හමුව පැවැත්වී තිබේ. තානාපතිවරයා සමග මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත සහ වාණිජ ආයතනයේ (AHK) හි ප්‍රධානී ඇන්දියෙස් හර්ගෙන්රොතර් සහ එහි නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වී තිබේ.

එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතාද මෙම අවස්ථාවට සහභාගි වූ බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 40