HNB හා DIMO එක්ව Mercedes-Benz සහ Jeep රථ සඳහා විශේෂ ලීසිං

හැටන් නැෂනල් බැංකුව (HNB) සිය ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ අත්වැල් බැඳ ගෙන ඇතැයි පවසයි.

මෙම සහයෝගීතාවය DIMO මගින් අලෙවි කරන සියලූම අළුත්/මුල් හිමිකාරීත්වය සහිත Mercedes-Benz මෝටර් රථ හා වාහන මෙන්ම Jeep රථ සඳහා ද අදාළ වෙයි. එසේම ළඟදීම ලැයිස්තුවට එකතු වීමට නියමිත දැනටමත් වාහන තොගවල ඇති නව මාදිලියේ Mercedes-Benzහා Jeep රථ සඳහා ද මෙම දීමනාව පුළුල් කර ඇතැයි පවසයි.

මෙම සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා වන එකඟතාව HNB හි පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා සහ DIMO සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ යන මහත්වරුන් අතර පසුගියදා DIMO 800 හිදී අත්සන් තබා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන HNB හි පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – සන්ජේ විජේමාන්න මහතා, “DIMO සහ Mercedes-Benz අතර ඇති වූ දිගුකාලීන සබඳතාවය නවෝත්පාදනය හා විශිෂ්ටත්වය මත ගොඩනැගුනු සහයෝගිතාවයක්. මෙම සහයෝගීතාවය වාහනවලට මහත් සේ ලැදි අපගේ විශ්වාසදායී ගනුදෙනුකරුවන්ට ලෝකයේ හොඳම මෝටර් රථ මිලදී ගැනීමටත් අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් අත්විඳීමටත් ගැලපෙන පරිදි සකස් කළ ලීසිං පැකේජ වෙත පිවිසීමට අද්විතීය අවස්ථාවක් ලබා දෙනු ඇති බව අප විශ්වාස කරනවා.” යනුවෙන් පවසා සිටියි.

එසේම මෙහිදී අදහස් දක්වා ඇති DIMO සමාගමේ සාමාන්‍යාධිකාරී, රජීව් පණ්ඩිතගේ මහතා, “අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ සිහින වාහනය මිලදී ගැනීමට හැකි වන පරිදි, පාරිභෝගිකයා ඉලක්ක කර ගත් සුවිශේෂී යාන්ත‍්‍රණයකට එළැඹීම අපගේ අභිප‍්‍රායයි. HNB සමඟ ඇති කර ගත් මෙම නව සහයෝගීතාවය තුළින් අපට වෙළෙඳපොළේ අඩුම මිල ගණන්වලට වාහන ලබා දිය හැකි අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින Mercedes-Benzහෝ Jeep රථය අප හරහා මිලදී ගත හැකියි.” යනුවෙන් පවසා ඇත.

Mercedes-Benz සහ Jeep රථ සඳහා වන HNB DIMO ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර ඕනෑම HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් ‘DIMO 800’ මධ්‍යස්ථානයේ 0772 44 97 97 ඇමතීමෙන් ලබා ගත හැකිය.

Visits: 76