“දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක් ගෙන නෑ” – මුදල් රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකා රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමක් සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද දිනයේදී සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම රජය සිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සූදානම් වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙහිදී යම් ලෙසකින් මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කළහොත් එය රටෙහි දේශීය බැංකු ක්ෂෞත්‍රයට, රක්ෂණ ක්ෂේත්‍රයට මෙන්ම විශ්‍රාම වැටුප් අරමුදල වෙත දරුණු බලපෑමක් එල්ල වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් පළවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

මේ අතරම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් එම ණය හිමිකරුවන් සහ වාණිජ ණය දෙන ආයතන සමගින් රජය සිදු කරන සාකච්ඡාද තවමත් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Visits: 87