“ණය ආපසු අත් කරගැනීම ප්‍රමුඛතම කාර්යයක්” – මහජන බැංකුව පවසයි

මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයන වගකිවයුතු මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස, තමන් සතු අකි‍්‍රය වත්කම් (ණය) අයකර ගැනීම තම ප‍්‍රමුඛතම කාර්යයක් ලෙස සලකන බව පවසයි. ඒ අනුව පසුගිය දිනවල මාධ්‍යවල පළ වූ ආකාරයට බැංකුව ආසන්න කාලසීමාවේදී කිසිදු ණය කපා හැරීමක් සිදු කර නැතැයි පවසයි.

මහජන බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි. එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මහජන බැංකුවේ අක‍්‍රීය වත්කම් (ණය) කළඹ (NPP) සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින්, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට මහජන බැංකුව අපේක්ෂා කරයි;

  • අක‍්‍රීය ණය  යනු නියමිත කාල සීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිදුකර   නොමැති ණය වේ. මෙය කිසිදු ලෙසකින් ණය කපා හැරීමක් නොවේ.
  • යම් ණයක් අකී‍්‍රය වත්කමක් ලෙස වර්ගීකරණය කෙරුනු විට පසු විපරම්, සාකච්ඡා, වෙන්දේසි කිරීම සහ නඩු පැවරීම වැනි ක‍්‍රියාවන්ගෙන් සමන්විත ආපසු අයකර ගැනීමේ කි‍්‍රයාවලියක් බැංකුව ආරම්භ කරයි. වඩාත් නිරවුල් අවබෝධයක් ඇති කර ගනු පිණිස මෙම කි‍්‍රයාවලිය පිළිබඳව පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකර ඇත.
  1. ණය කපා හැරීමක් සිදු කරන්නේ එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගත හැකි වන සෑම මාර්ගයක්ම සම්පූර්ණයෙන්ම ව්‍යවර්ථ වී ඇත්නම් පමණි.
  • බැංකුවේ අක‍්‍රීය වත්කම් (ණය) කළඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළදී ලබාදී ඇති විවිධ ණය පහසුකම් වලිනි.
  • බැංකුවේ අක‍්‍රීය වත්කම් (ණය) කළඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළදී ලබාදී ඇති විවිධ ණය පහසුකම් වලිනි.
  • මෙරට බැංකු පද්ධතිය තුළ මහජන බැංකුවේ අක‍්‍රීය වත්කම් ප‍්‍රතිශතය සාධනීය තත්ත්වයක පවති.
  • සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයන වගකිවයුතු මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස මහජන බැංකුව, අකි‍්‍රය වත්කම් අයකර ගැනීම තම ප‍්‍රමුඛතම කාර්යයක් ලෙස සලකයි.

නිවේදනය අවසන්.

Visits: 174