Zesta Tea ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විසිපස් වසරක විශිෂ්ටත්වය සමරයි

‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය.

Zesta සන්නාමය මෙතෙක් පැමිණි ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම අවස්ථාව සැමරීම සඳහා පැවති සැමරුම් උත්සවය 2024 ජනවාරි 17 වන දින Zesta හි සේවකයින් සහ සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඉහළ කළමනාකාරීත්යේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය ලෙසද  ‘Zesta Tea’ සැලකෙයි.

නවෝත්පාදනය හා නවීනත්වය සමඟින් ශ‍්‍රී ලාංකේය වෙළඳපොළට ගුණාත්මකභාවයෙන් ඉහල තේ සැපයීම සඳහා කීර්තියක් උසුලන Zesta 1998 දී හොඳම තේ ජාත්‍යන්තර වෙළෙඳපල සඳහා පමණක්ය යන මතයට අභියෝග කරමින් අද්විතීය මිශ‍්‍රණයක් වන 100% Broken Orange Pekoe Fannings (BOPF) පළමු වරට ශ‍්‍රී ලාංකිකයන්ට හඳුන්වා දුන්නේය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ ‘‘විසිපස් වසරක විශිෂ්ටත්වය සමරන මේ මොහොතේදී මෙම සාර්ථකත්වයට දායක වූ සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි.මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට අපට හැකි වූයේ අපගේ උද්‍යෝගිමත් කණ්ඩායම් සහ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ගේ නොමද සහයෝගයත් 1998 දී Zestaසන්නාමය හඳුන්වා දීමට පෙරමුණ ගෙන කටයුතු කළ සහ Zestaසන්නාමය ඉහළ තලයකට රැගෙන යාමට අඛණ්ඩව මග පෙන්වන විෂ් ගෝවින්දසාමි මහතාගේ අසමසම නායකත්වය නිසයි.’’යනුවෙනි.

Zesta සන්නාමය වසර 25ක් පුරාවට කැපී පෙනෙන ජයග‍්‍රහණ රැසක් අත්කර ගෙන ඇත.එහි ඇති BOPF හි සුවිශේෂී ගුණාත්මකභාවය ඉස්මතු කරමින් Zestaවසර ගණනාවක් පුරා ඉහළ අලෙවියක් වාර්තා කිරීමට සහ වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් විය.

මීට අමතරව, 2016 දී, Zesta ගෝලීය Shangri-La හෝටල් ජාලය සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් අතර 2022 වසරේදී, එහි Wellness Range සහ Zesta Red හඳුන්වා දෙමින් වෙනස් වන පාරිභෝගික රුචිකත්වයන් සපුරාලීම සඳහා එහි නිෂ්පාදන පුළුල් කළේය.

Views: 0