CAL පස් අවුරුදු ප්‍රශස්ත අරමුදල CSEහි ලැයිස්තුගත කරයි

CAL පස් අවුරුදු ප්‍රහස්ත අරමුදල කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) නිල වශයෙන් ලැයිස්තුගත කිරීම 2024 පෙබරවාරි 01 දින සිදු කෙරිණි. ඒ අනුව, මෙහිදී හඳුන්වාදීමක් මගින් අරමුදලේ ඒකක 193,904,428 ලැයිස්තුගත කර ඇතැයි එම සමාගම පවසයි.

මෙය දශකයකට වැඩි කාලයක් තුළ ලැයිස්තුගත කර ඇති පළමු ඒකක සුරැකුම්පත වන අතර, එම අවස්ථාව විශේෂ සීනුව නාද කිරීමේ උත්සවයකින්ද සමන්විත විය.

Capital Alliance Investment හි ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ද සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගී විය. මීට අමතරව Capital Alliance Investment හවුල්කරුවන්, ප්‍රධාන විධායක නිලධාරී, නිශෝක් ගුණසේකර, Capital Alliance Investment, සහකාර උප සභාපති, චෙරිල් පාස්කර්, CAL සමාගම් සමූහයේ, ප්‍රධාන අවදානම් නිලධාරී, ෂර්මලී පෙරේරා; Capital Alliance Investment, උප සභාපති, ප්‍රවීන් කනගසබායි සහ Capital Alliance Investment හවුල්කාරීත්වයේ, සහකාර, මලික් ජමීල් ඇතුළු මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ..

මෙම අවස්ථාවට කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරමින් එහි සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා සහභාගී විය, ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා සහ CSE ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද ඒ අතර විය.

ආරම්භක අදහස් දැක්වීමේදී, CSE හි සභාපති, ඩිල්ෂාන් විරසේකර මහතා, Capital Alliance Investmentltd වෙත සුබපැතුම්පිරිනැමූ අතර, කොළඹ කොටස් කොටස් වෙළඳපොලේ පවතින එකම ආවෘත ස්ථාවර ආදායම් අරමුදල වන CALපස් අවුරුදු ප්‍රශස්ත අරමුදල ලැයිස්තුගත කිරීම අප විසින් සිදු කරන අද  දින ඇත්තෙන්ම සුවිශේෂී දිනයක් බව පැවසීය.

CAL පස් අවුරුදු ප්‍රශස්ත අරමුදල යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් අනුමත කරන ලද, වසර පහක (5) ආයු කාලයක් සහිත ආවෘත ස්ථාවර ආදායම් ඒකක භාර යෝජනා ක්‍රමයකි. Capital Alliance Investment ltd අරමුදල පිහිටුවීමට, කළමනාකරණය කිරීමට, ක්‍රියාත්මක කිරීමට සහ අලෙවි කිරීමට කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත.

Views: 0