සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 10 වන වරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ වෙයි

ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, අඛණ්ඩව 10 වැනි වරට සමාගම මෙම සම්මානයෙන් පුද ලැබීමත් විශේෂත්වයකි. 

එසේම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවන වසර සඳහා නම් කිරීමෙන් පසුව මෙම සම්මානය ප්‍රකාශයට පත්කරණු ලැබීමත් සුවිශේෂී අවස්ථාවකි. ඒ අනුව රටේ ජීවිත රක්‍ෂණ වෙළෙඳ පොළ ප්‍රමුඛයා සඳහා 2023 ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම් ලද වසරක් වූ බවත් පවසයි.

වර්ල්ඩ් ෆයිනෑන්ස් කීර්තිමත් සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්‍ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය දිනා ගැනීමෙන් සෙලින්කෝ ලයිෆ් එම සඟරාව විසින් එහි 2023 සම්මාන උළෙලේදී එක්සත් රටවල හොඳම ජීවිත රක්‍ෂණ සමාගම් ලෙසට නම් කරන ලද ඇමරිකාවේ MassMutual, එක්සත් රාජධානියේ Aviva, කැනඩාවේ Canada Life, ඕස්ටේ්‍රලියාවේ TAL, ස්විස්ටලන්තයේ Swiss Life, ප්‍රංශයේ CNP Assurance, චීනයේ hina Life Insurance Group සහ ඉන්දියාවේ Max Life Insurance යන දැවැන්තයින් අතර සිටී.

වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා සිය සමස්ත ක්‍රියාවලි කාර්යක්‍ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස ඇගයීමට ලක් කරයි.    

“වර්ල්ඩ් ෆයිනෑන්ස්” සම්මානය සඳහා වන තක්සේරු නිර්ණායක ලෙස, ප්‍රතිරක්ෂණ ක්‍රියාවලි සහ ක්‍රියාවලි කාර්යක්ෂමතාව, රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම – ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය, ආවරණයේ යෝග්‍යතාවය සහ රක්ෂණ ඔප්පුවක් සඳහා පිරිවැය; අවධානමට නිරාවරණය වීම; පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය; වන්දි ගෙවීමට ගතවන සාමාන්‍ය කාලය; නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථායීතාව – වාරික ආදායම, වෙළෙඳපොල කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය සැලකිල්ලට ගෙන තිබේ.

Views: 0