සැම්සුන් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ පෙරමුණ ගනී

ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටින බව පවසයි.

එහිදී නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමත්ව සිටියි.

Fortune Business Insight ට අනුව වසර 2026 වන විට ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළඳපොල ඩොලර් බිලියන 35 ඉක්මවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බැවින් සැම්සුන් සමාගම නිරන්තරයෙන් වෙනස් වන මෙම කර්මාන්තයේ සීමාවන් අඛණ්ඩව පුළුල් කර ඇත.

පසුගිය දශකය තුළ ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු හුදු වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීමක සිට පෞද්ගලික තොරතුරු, අධ්‍යාපනය, ක‍්‍රීඩා, කලාව සහ තවත් බොහෝ දේ ප‍්‍රදර්ශනය කරනු ලබන ප‍්‍රබල වේදිකාවක් දක්වා පරිවර්තනය වී ඇත. වයිට්බෝඞ් සහ ප්‍රොජෙක්ටර් වැනි සාම්ප‍්‍රදායික තාක්ෂණයෙන් ඔබ්බට ගිය නම්‍යශීලී මෙන්ම පුළුල් පරාසයක කාර්යයන් හා හැකියාවන් ලබා දෙමින් සැම්සුන් හි Smart ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු මෙම පරිවර්තනයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

සැම්සුන් හි නිෂ්පාදන පෙළට ඇතුළත් වූ නවතම අංගය වන්නේ (The Wall for Virtual Production) වන අතර එමගින් රූපවාහිනිය, චිත‍්‍රපට සහ නිර්මාණාත්මක කර්මාන්තවල නිර්මාණශීලීත්වයට සහාය වීමට සමාගමේ කැපවීම පෙන්නුම් කරයි. එය real-time දෘශ්‍ය ප‍්‍රයෝග තාක්ෂණය සමඟ පරිගණකය ඇසුරින් නිර්මාණය කළ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට, නිෂ්පාදන කාලය සහ පිරිවැය අඩු කිරීමට ඉතා විශාල ප‍්‍රමාණයේ LED බිත්ති භාවිතා කිරීමට නිර්මාණකරුවන්ට ඉඩ සලසයි.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් යනු පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා නව්‍ය විසඳුම් සපයනු ලබන ප‍්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සමාගමකි. විශිෂ්ටත්වයට සහ සීමාවන් අතික‍්‍රමණය කිරීමට කැපවී සිටින සැම්සුන් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගෙන සිටී.

Views: 0