MAS සිය Women Go Beyond වැඩසටහන සමඟින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කරයි

ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයෙක් වන MAS Holdings, වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය Women Go Beyond (WGB) වැඩසටහනේ අතිසාර්ථක 20 වන වසර සමරනු ලැබීය. 2003 හි ආරම්භ කරන ලද, WGB තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, සම්මුතීන්ට අභියෝග කිරීම සහ අභියෝගයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති කාන්තාවන්ට අත්වැලක් වීම ඇතුලූ සමාජ සත්කාරමය වැඩසටහන් රැසක් දියත් කරන ලදී.

පසුගිය දශක දෙක තුළ, එය ගෝලීය වශයෙන් කාන්තාවන් දහස් ගණනකට උපකාර කරමින් ධනාත්මක බලපෑමක් ඇති කර ඇත. WGB හරහා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය (GBV&) ලිංගික සහ ප‍්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRHR) සහ ආර්ථික සවිබල ගැන්වීම වැනි තීරණාත්මක ගැටළු ආමන්ත‍්‍රණය කරයි.

එමෙන්ම WGB කාන්තාවන්ට සම තැනක් ලබාදීම වෙනුවෙන් කටයුතු කරන අතරම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට ද කටයුතු කරයි. මෙම 20 වන සංවත්සරය ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම වෙනුවෙන් වූMAS හි කැපවීම සහ WGB හි මෙහෙවර පිළිබඳ තවත් සාක්ෂියකි.

Women Go Beyond හි ප‍්‍රධානී තනුජා ජයවර්ධන මහත්මිය සඳහන් කරන්නේ,”අපගේ ව්‍යාපාරවල සහ ප‍්‍රජාවන්හි කාන්තාවන්ට නායකත්ව භූමිකාවන් වෙත යාමට බාධාවක් වන අභියෝග ජය ගැනීමේ වැදගත්කම MAS වටහාගෙන තිබෙනවා. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමේ ශක්තිමත් සැලැස්මක් සමඟින් Women Go Beyond වැඩසටහන නිර්මාණය කරන ලදි. එමෙන්ම ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා ක‍්‍රියා කරන අතරම වඩාත් සාධාරණ ලෝකයක කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා අපි අඛණ්ඩව කැපවෙනවා.”

Women Go Beyond වැඩසටහන කාන්තාවකගේ ජීවන ගමනේ සෑම අංශයකටම සුබවාදී ලෙස බලපෑම් කරයි. අධ්‍යාපනය, කාන්තා සෞඛ්‍ය, කුසලතා සංවර්ධනය, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය ආමන්ත‍්‍රණය කිරීම සහ වෘත්තීය වර්ධනය ඇති කිරීම මගින් කර්මාන්තශාලා වල සේවය කරන සියලූම කාන්තාවන් සවිබල ගැන්වීම MAS හි අරමුණයි. 2025 වන විට, MAS Holdings හි ඉලක්කය බවට පත්ව ඇත්තේ කාන්තාවන්ගෙන් 30% ක් කළමනාකරණ තනතුරු වෙත ගෙන ඒම වන අතර, කාන්තාවන්ට සමාන අවස්ථා සහ තීරණ ගැනීමේ බලය ඇති ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීමයි.

WGB යනු විවිධ උපාය මාර්ගික ක්ෂේත‍්‍රවල කාන්තාවන් සවිබල ගැන්වීමේ පුළුල් වැඩසටහනකි. එය භාෂාව, තොරතුරු තාක්ෂණ, මෘදු කුසලතා, මූල්‍ය කළමනාකරණය සහ නායකත්වය පිළිබඳ පුහුණුව තුළින් වෘත්තීය දියුණුවට ක‍්‍රියාකාරීව සහාය වේ. කාන්තා සෞඛ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම හඳුනා ගනිමින්WGB විසින් මාතෘ සෞඛ්‍ය සායන, ලිංගික හා ප‍්‍රජනක සෞඛ්‍ය පිළිබඳ වැඩමුළු, පියයුරු සහ ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීම් සහ පරීක්ෂණ පැවැත්වීම මෙන්ම මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ද සහාය ලබා දේ.

MAS ව්‍යාප්ත සියලූම රටවල ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය අවධානය යොමු කළ යුතු තීරණාත්මක ප‍්‍රශ්නයක් බව කණගාටුදායක සත්‍යයකි. මෙම වැඩසටහන නීතිමය අයිතිවාසිකම් සහ රාමු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ප‍්‍රචණ්ඩත්වය අත්විඳින කාන්තාවන්ට ඉන් මිඳීමට සහාය ලබා දේ. MAS කර්මාන්තශාලා තුළ බොහෝ කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීමට මඟ පාදමින් ඔවුන්ගේ රැකියා භූමිකාවන්ට ඔබ්බෙන් කුසලතා වර්ධනය කර ගැනීමට එය කාන්තාවන්ට උපකාර කරයි. Women Go Beyond (WGB)විසින් වාර්ෂිකව, ශක්තිමත්ව ඉදිරියට යමින් සහ ධනාත්මක වෙනසක් ඇති කර ගනිමින් ආදර්ශයක් වන කාන්තාවන්  අගයමින් ත්‍යාග ද පිරිනමයි.

WGB කැපී පෙනෙන්නේ එය MAS හි ආයතනික සංස්කෘතිය සමඟ බාධාවකින් තොරව මුසුවෙමින් ගෞරවනීය පරිසරයක් නිර්මාණය කරන බැවිනි. එය මිනිසුන් සිතන ආකාරයෙහි සැලකිය යුතු වෙනසක් සිදු කර ඇති අතර, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමට ක‍්‍රියාශීලීව කටයුතු කරයි. පුහුණු වැඩසටහන් (unconscious bias training), කාන්තාවන් සඳහා උපදේශන සහ අනුග‍්‍රහක වැඩසටහන්, ඒකාබද්ධව කටයුතු කිරීමේ අවස්ථා (networking) අවස්ථා සහ මව් කිරි ලබාදීම සඳහා කාමර පහසුකම්, ළමා සුරැකුම් පහසුකම් වැනි යටිතල පහසුකම් සහ ප‍්‍රසූති නිවාඩු, පීතෘත්ව නිවාඩු හා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා ලබාගන්නා නිවාඩු සහ නම්‍යශීලී වැඩ පරිසරයක් නිර්මාණය කිරීම ආදී මුලපිරීම් වැඩි දියුණු කරයි.

වසර 20කට වැඩි අපගේ ගමන සහ සමානාත්මතාවය තුළින් අප ලබා ඇති ප‍්‍රගතිය දෙස ආපසු හැරී බලන විට, ”කාන්තාවන් පෙරමුණට” යන සංකල්පය යටතේ ඊට අභියෝගයක් වන බාධක බිඳ දමා සැමට සමානව ගරු කරන අනාගතයක් වෙනුවෙන් WGB වැඩසටහන අඛණ්ඩව කැපවී සිටින්නේ යැයි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පවසන ලදී.

MAS Holdings හි Women Go Beyond සැබවින්ම කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කර ඇත. තුන්වන දශකය ආරම්භ කරන විට, මෙම වැඩසටහන හරහා ලොව පුරා වෙනස්කම් කරන්නන් (change-makers) සහ ඒ වෙනුවෙන් පෙනීසිටින්නන් දිරිමත් කරන අතර වසර 20ක ප‍්‍රගතිය සමඟ ඊට අදාල තව තවත් නව ප‍්‍රමිතීන් ඉදිරිපත් කිරීමට නියමිතය.

Visits: 42