සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් රු. මිලියන 293කට ‘Bata’ හි වරලත් හිමිකාරීත්වය අත්පත්කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම (SHL.N0000) සුප්‍රසිද්ධ ජාත්‍යන්තර පාවහන් සන්නාමයක් වන %Bata% හි වරලත් අලෙවි හිමිකාරීත්වය ඇතුළු එහි මෙහෙයුම් අත්පත් කරගත් බව පවසයි.

අද දිනයේදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව පවසා සිටියි.

මෙහිදී Bata නිෂ්පාදන සිදුකළ Footwear Retailer Ltd. සමාගමේ (මීට පෙර Bata Shoe Company of Ceylon Limited) 100%ක කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගැනීම සිදුව තිබේ.

පසුගිය සැප්තැම්බර් 14 වැනිදා මෙම මිලදී ගැනීම සිදු වුණු බවත්, එහි වටිනාමක රුපියල් මිලියන 293ක් (293,000,000ක්) වන බවත් පැවසෙයි.

ඒ අනුව ‘Bata’ සන්නාමයේ නිෂ්පාදන බලපත්‍රය සහ බෙදාහැරීමේ හිමිකාරීත්වය මෙන්ම ශ්‍රී ලංකාව තුළ ‘Bata’ හි වරලත් හිමිකාරීත්වය සහ Bata නිෂ්පාදනවල හිමිකාරීත්වය මෙලෙස හිමිව තිබෙන බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

Footwear Retailer Ltd. සමාගම 1950 වසරේ සිට වසර 73කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ Bata පාවහන් සහ සපත්තු නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කර තිබේ.

මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව Bata සන්නාමය සහ Bata නිෂ්පාදන නැවතත් ශ්‍රී ලංකාවේ පාහන් කර්මාන්තයේ අංක 01 සන්නාමය බවට පත් කිරිම අදහස වී ඇතැයිද සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සඳහන් කරයි.

Views: 236