ඩිල්මා සිලෝන් ටී වෙතින් කොටසකට රුපියල් 15 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 15ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන අවසන් ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 20 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 02 වැනිදා නම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති බවත් ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවස්ථාවේදී ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 1049ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයේ කොටසක වටිනාමකම හා සැසඳීමේදී රුපියල් 49.50ක එනම් 4.95% ක ඉහළ යාමකි.

Views: 92