ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් මූලික මහජන කොටස් නිකුතුව අද (10දා) විවෘත කෙරේ

ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන කොටස් නිකුතුව අද (අගෝස්තු 10) වැනිදා විවෘත කිරිමට නියමිතව තිබේ.

එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම මූලික මහජන කොටස් නිකුතුව සිදු කිරිම සැලසුම වී තිබේ.  

සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,070,111ක් නිකුත් කෙරෙන බව පවසයි.

එහිදී කොටසක් රුපියල් 9.00 ක් බැගින් මිල කෙරී ඇත. ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් 747,630,999.00 කි.

මෙය ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ සමස්ත කොටස් අතරින් 16.61%ක ප්‍රතිශතයකි. 

ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමූහයෙහි පරිපාලිත වැවිලි සමාගමකි.

මෙම නිකුතුවේ කළමනාකරුවන් ලෙස කැපිටල් එලායන්ස් පාර්ට්නර්ස් ලිමිටඩ් සමාගම කටයුතු කරයි.

සමාගමේ සංස්ථා ප්‍රකාශයට අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව ලබන අගෝස්තු 29 වැනිදා දක්වා විවෘතව තැබීමට නියමිතව තිබේ. එහෙත් අද දිනයේදී ඊට ලැබෙන අධිදායකත්වයත් සමගින් පළමු දිනයේදීම එය වසා දැමීමටත් සමාගම අපේක්ෂා කරයි.

Visits: 100