රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවවේ නව සභාපතිවරයා ලෙස ජෝශප් සූසයිතාසන් පත් කෙරේ

රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ  (SMIB) නව සභාපතිධූරය සඳහා ජෝශප් සූසයිතාසන් මහතා පත් කර ඇතැයි පවසයි.  

SMIB බැංකුව තීරණාත්මක මොහොතකදී මෙම නව පත්වීම සඳහා එළඹ ඇත්තේ  සිය ශාඛා ජාලය සහ ඩිජිටල් හැකියාවන් තවදුරටත් වැඩි දියුණු කිරිම මෙන්ම විවිධ පාරිභෝගික අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි සකස් කළ මුල්‍ය සේවාවක් සැපයීම අරමුණු කර ගනිමිනි.

ජෝශප් සූසයිතාසන් මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ඇඟලුම් නිෂ්පාදන සහ සංචාරක අංශයේ වසර 26කට අධික මනා පළපුරුද්දක් ඇති දක්ෂ වෘත්තිකයෙකි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සෙසු සාමාජිකයෙකු ලෙස ඔහු Timex &Fergasam Group සහ L.M.Collections (Pvt) Ltd, මෙන්ම ටැන්සානියාවේ Star Apparels (T) Limited හි සාමාන්‍යාධිකාරී ඇතුළු සැලකිය යුතු තනතුරු රැසක් හොබවා ඇත.

එමෙන්ම ඔහු පිලිපීනයේ KPMG, USAID, සහ Prime Exponents Inc වැනි ගෞරවනීය ආයතන සඳහා කළමනාකරණ උපදේශකයෙකු ලෙස ද සිය දායකත්වය සපයා තිබේ.  කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව ඔහු සතු පුළුල් ප්‍රවීණතාවය සමාගම්වලට වටිනා අවබෝධයක් සහ මග පෙන්වීමක් ලබා දීම සඳහා උපකාරී වී ඇති අතර, එමඟින් ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ.

ඇඟලුම් සහ සංචාරක කර්මාන්තය තුළින්ලද අත්දැකීම් සම්භාරය අනුසාරයෙන් ජෝසප් සූසයිතාසන් මහතා ලබා ඇති  විශේෂඥ දැනුම SMIB ආයතනයේ ද  මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර උපදේශනය සහ උපාය මාර්ගික සැලසුම් ආදී අංශයන් කෙරෙහි නිසැකයෙන්ම වටිනා අත්වැලක් මෙන්ම එම සංවිධානයේ සාර්ථකත්වයට සහ සංවර්ධනයට අගනා වත්කමක්ද වනු ඇත.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍යාධිකාරී තුෂාර අසුරමාන්න මහතා නව සභාපතිවරයාගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් “අපගේ නව සභාපතිවරයා ලෙස පත් වූ සූසයිතාසන් මහතා, බැංකුවේ දිශානතිය මෙහෙයවීමට මෙන්ම සහයෝගීතාවය, නවෝත්පාදනය සහ සාර්ථකත්වය සහිත සංස්කෘතියක් පෝෂණය කිරීම උදෙසා තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කරනු ඇතැයි  මම විශ්වාස කරනවා. එමෙන්ම ඔහුගේ මගපෙන්වීම යටතේ,  බැංකුවේ සියලුම අංශ සක්‍රීයව ඩිජිටල් පරිවර්තනයට ලක්කරමින් අපගේ බැංකු කටයුතු තවදුරටත් වැඩි දියුණු කරනු  ඇතැයි මම අපේක්ෂා කරනවා.”යනුවෙන් පවසයි.

SMIB හි සභාපති ජෝසප් සූසයිතාසන් මහතා අදහස් දක්වමින්, “අපගේ තරඟකරුවන් හා සමාන වන පරිදි මූල්‍ය එකතුව සහ පරිමාව ඉහළ නැංවීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෘෂි, පශු සම්පත් සහ ධීවර යන අත්‍යවශ්‍ය අංශවලවිශේෂතාවන්උපයෝගී කර ගනිමින් අපගේ බැංකුව ඊළඟ මට්ටමට රැගෙන යාමටත්, ආයතනයේ වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස තාක්ෂණික දියුණුව වැළඳගනිමින්, ක්‍රමානුකූල වෙනස්කම් හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමටත් මම අපේක්ෂා කරනවා. “ යනුවෙන් පවසා සිටියි.

Visits: 57