ACL Cables PLC රුපියල් මිලියන 299ක් වටිනා ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACL Cables PLC සමාගම (ACL.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.25ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව එම සමාගම සඳහන් කර සිටියි.

මෙය 2023මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍යවර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශ කර තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 11 වැනිදා නම් කර ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

මෙහිදී එක් කොටසක් සඳහා රුපියල් 1.25ක් බැගින් ලබාදෙන සමස්ත ලාභාංශවල වටිනාකම රුපියල් 299,468,400ක් ලෙස සටහන්ව තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ACL Cables PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 82.60ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ශත 70ක එනම් 0.84%ක පසු බැසීමකි.

Visits: 92