‍කලම්බු ඩොක්යාර්ඩ් ප්‍රංශය වෙනුවෙන් ඉදිකළ C/S Sophie Germain නෞකාව දියත් කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම මගින් නිපදවූ C/S Sophie Germain නෞකාව පසුගියදා එම කොළඹ නැව් තටාකාංගනයෙන් සාගරයට මුදා හැරිම උත්සවාකාරයෙන් සිදුවිය.

සාගර පතුලේ කේබල් එලීමේ සහ අලුත්වැඩියා කිරීමේ නෞකාවක් වන මෙය ප්‍රංශයේ සුප්‍රසිද්ධ Orange Marine සමාගම වෙනුවෙන් නිපදවා තිබේ.

මෙම නෞකා නිපදවීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට හිමි වුණු විදේශ විනිමය ප්‍රමාණය යූරෝ මිලියන 50ක් ලෙස ගණන් බලා තිබේ.

නෞකාව දියත් කිරීමේ අවස්ථාව සඳහා ප්‍රංශ තානාපතිවරයා, කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ ප්‍රදානීන් සහ සේවකයන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Visits: 104