දිල්හාන් ප්‍රනාන්දු ඩිල්මා සිලෝන් ටී පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී පීඑල්සී (CTEA.N0000) සමාගමෙහි නව සභාපතිවරයා ලෙස ඩිල්හාන් සී ප්‍රනාන්දු මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි.

එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු ව තිබේ. පසුගිය ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව ඇතැයි සඳහන් වෙයි.

දිල්හාන් ප්‍රනාන්දු මහතා ඒ වනවිටත් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

ඒ අනුව මින් ඉදිරියට දිල්හාන් ප්‍රනාන්දු මහතා ඩිල්මා සිලෝන් ටී පීඑල්සී සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා/සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 116