අලුතින් IT රැකියා 5000ක් උත්පාදනයට HCL සහ BOI අතර එකඟතාවක්

ගෝලීය ගනුදෙනුකරුවන් හට ශ්‍රී ලංකාවේ සිට තොරතුරු තාක්ෂණික විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් HCL Tech Sri Lanka සමාගම සහ  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර එකඟතාවකට පිවිසි බව පවසයි.

මෙය ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක්” ලෙස නම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා ගෝලීය ගනුදෙනුකරුවන් හට ශ්‍රී ලංකාවේ සිට තොරතුරු තාක්ෂණික විසඳුම් සම්පාදනය අරමුණ වී ඇත.

එහිදී ඊට පහසුකම් සැලසීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණික රැකියා 5000 කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමත් අදහස වී තිබේ.

ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සහ HCL සමාගමේ ප්‍රධානීන් අතර මෙම එකඟතාව අත්සන් තැබීම සිදුව තිබේ.

Views: 104