බයිරහා ෆාම්ස් වෙතින් කොටසකට රුපියල් 4.00ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම (BFL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4ක් බැගින් මෙම ලාභාංශ  ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය  වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ  ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී  ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 16 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 26 වැනිදා නම් කෙරී තිබේ.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී බයිරහා ෆාම්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 159.75ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 46