හේලීස් වැවිලි සමාගම සිය නවෝත්පාදන මෙරට ජපාන තානාපති වෙත ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍්‍ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි සමගින් කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණු බව පවසයි.

මෙම අවස්ථාව සඳහා මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මියද එක්ව තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ”ලෝ ප‍්‍රකට ශී‍්‍ර ලාංකීය තේ නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට ලැබීම සතුටක්. හේලීස් වැවිලි සමාගම විසින් භාවිතා කරන තිරසාරභාවය සහ මානව සම්පත් පිළිබඳ නවෝත්පාදනයන් අත්විඳීමට සහ දැකුම්කලූ තේ වගාවන් නැරඹීමට අපට අවස්ථාව ලැබුණා. හේලීස් වැවිලි සමාගම සිය සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. සමාගමට ඔවුන්ගේ අනාගත ප‍්‍රයත්නයන් සඳහා මම සුබ පතන අතර JASTECA හි සහාය ඇතිව ඔවුන් විසින් ක‍්‍රියාත්මක කර ඇති අද්විතීය ක‍්‍රියාදාමයන් සහ සමස්ත ආයතනික පද්ධතිය මම අගය කරනවා.” යනුවෙන් ප‍්‍රකාශ කළේය.

මෙම සංචාරයට හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ප‍්‍රමුඛ සමාගමේ කළමනාකාරීත්වය, කැළණි වැලි වැවිලි සමාගමෙහි අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා සහභාගී වී තිබේ.

එසේම  ප‍්‍රධාන/සාමාන්‍යාධිකාරී- මානව සම්පත් කළමනාකාර සහ ආයතනික තිරසාර සහ JASTECA හි උප සභාපති අනුරුද්ධ ගමගේ මහතා ක්ෂේත‍්‍රයේ සිට කර්මාන්තශාලාව දක්වා තිරසාර වැවිලි කළමනාකරණය සඳහා වූ සමාගමේ නව්‍ය, නවීකරණය කරන ලද ප‍්‍රවේශයේ ධනාත්මක බලපෑම පිළිබඳ පැහැදිලි කළේය.

”තානාපතිවරයා අපේ වතුවලට පැමිණීම පේද්‍රෝ වතුයාය සහ කැළණි වැලි වැවිලි කණ්ඩායම් ඉතා ගෞරවයක් කොට සලකනවා. පරිසර සංරක්ෂණය පිළිබඳ අපගේ කර්මාන්තයේ ඉහළම ගෝලීය ප‍්‍රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයින් සඳහා තිරසාර ජීවනෝපායන් සහ ගෞරවනීය ජීවන තත්වයක් කරා මග පෙන්වමින් ඉහළම ගුණාත්මක තත්වයේ සිලෝන් ටී නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වූ අපගේ අසමසම කැපවීම ප‍්‍රදර්ශනය කිරීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.

Visits: 90