ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවීම ඔක්. 15 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (ELPL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

එසේම මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ දිනයේදී පැවැත්වුණි.

ඒ අනුව සමාගම මගින් නිකුත්කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීමට පියවර ගන්නා බව පවසයි.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 15 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශරහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 27 වැනිදා නම් කෙරී තිබේ.

එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් සමාගමට අයත් ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාමක ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රුපියල් 64.20ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 68.10ට සාපේක්ෂව රුපියල් 3.90කින් එනම් -5.73%ක අඩුවීමකි.

Visits: 140