ඔයිල් පාම් සමාගම් හතරක් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මැලේසියාවේ ඔයිල් පාම් නිෂ්පාදන සමාගම් හතරක් වන ඉන්දු (මැලේ) පීඑල්සී, ගුඩ් හෝප් පීඑල්සී, සෙලින්ග්සින්ග් පීඑල්සී සහ ෂාලිමාර් (මැලේ) පීඑල්සී යන සමාගම් සිය කොටස් හිමිකරුවන් වෙත පළමු අතරමැදි ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

මෙම සමාගම් සියල්ලම මැලේසියාවේ ගුඩ් හෝප් හෝල්ඩිංග්ස් සමාගමට අයත් වන අතර කාර්සන්ස් කුම්බර්බැච් සමාගමේ වැවිලි, ආහාරයට ගත හැකි තෙල් සහ මේදය යන අංශය යටතේ එය මෙරට මෙහෙයුම් සිදු කරයි.

ඒ අනුව මෙම සමාගම් අතරින් ඉන්දු (මැලේ) පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 7.58ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත. මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 අගෝස්තු 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස ජූලි 14 වැනිදා නම් කෙරී ඇත. මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් සමාගම පවසයි.

එසේම ගුඩ්හෝප් පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10.77ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත. මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. මෙහිදීද ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 අගෝස්තු 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස ජූලි 14 වැනිදා නම් කෙරී ඇත. මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් සමාගම පවසයි.

මේ අතර සෙලින්සින්ග් පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 9.50ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත. මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 අගෝස්තු 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස ජූලි 14 වැනිදා නම් කෙරී ඇත. මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් සමාගම පවසයි.

අවසන් වශයෙන් ෂාලිමාර් (මැලේ) පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.90ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත. මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 අගෝස්තු 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස ජූලි 14 වැනිදා නම් කෙරී ඇත. මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් සමාගම පවසයි.

Views: 328