පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කටයුතු කරන පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් 2021 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලද බව මහ බැංකුව පවසයි.

එහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව නිවේදනය නිකුත් කර තිබේ. මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි එහි සඳහන් වෙයි.

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර වංචාව හා සම්බන්ධ සමාගම වන්නේ මෙම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි.

“ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණීන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජුලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී” එම නිවේදනයේ සඳහන් වෙයි.

Visits: 83