අප්‍රේල් 30 වන විට කල්බදු සහ ලීසිං සමාගම්හි Fitch වර්ගීකරණයන්

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන Fitch Ratings මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද ජාතික වර්ගීකරණයේ අලුත්ම වාර්තාව පසුගියදා නිකුත් විය. එහිදී බැංකු, කල්බදු සහ මූල්‍ය සමාගම්, අනෙකුත් සමාගම් සහ රක්ෂණ සමාගම් හිමි කරගෙන තිබූ වර්ගීකරණයන් සටහන්ව ඇත.

ඒ අනුව 2021 අප්‍රේල් 30 වැනිදා වනවිට මෙරට කල්බදු සහ මූල්‍ය සමාගම් හිමි කරගෙන තිබූ වර්ගීකරණයන් සහ ඉදිරි දැක්ම මෙහි ඇතුළත්ව ඇත.

මෙම කල්බදු සහ මූල්‍ය සමාගම් යටතේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි සමාගමේ වර්ගීකරණය A+(lka) ලෙස සටහන්ව ඇත. ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් ලිමිටඩ් B+(lka) ලෙසත් සියපත ෆිනෑන්ස් සමාගම A(lka) ලෙසත් වර්ගීකරණය කෙරී තිබේ.

සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ වර්ගීකරණය BBB+(lka)  ලෙස සටහන්ව ඇත. එසේම සිංගර් ෆිනෑන්ස් (ලංකා) හි වර්ගීකරණ A+(lka) වෙයි. ඒ.එම්.ඩබ්ලිව්. කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්හි වර්ගීකරණය AA-(lka) ය. මේ අතර එච්.එන්.බී. ෆිනෑන්ස් හි වර්ගීකරණය A (lka) ලෙස සටහන්ව ඇත.

එසේම බිම්පුත් ෆිනෑන්ස් සහ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්න් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම්හි වර්ගීකරණයන් පිළිවෙලින් B+(lka) සහ BBB-(lka) ලෙස සටහන්ව තිබේ.

එල්බී ෆිනෑන්ස්හි ණය වර්ගීකරණය A-(lka) ලෙස සටහන්ව ඇත. අබාන්ස් ෆිනෑන්ස්හි ණය වර්ගීකරණය A(lka) වෙයි.

අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සීබීසී ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනයන්හි වර්ගීකරණයන් පිළිවෙලින් BB-(lka) සහ A(lka) වෙයි. රිචර්ඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි වර්ගීකරණය AA-(lka) ලෙසත්, ඩයලොග් ෆිනෑන්ස් හි වර්ගීකරණය AA (lka) ලෙසත් සටහන්ව ඇත. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි ලිමිටඩ්හි වර්ගීකරණය BB+(lka) වෙයි.

Visits: 331