එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ සිය නවතම ශාඛාව දෙහිවලදී විවෘත කරයි

වසර 100කට වඩා ප්‍රවීණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාවක් දෙහිවලදී විවෘත කරන ලද බව පවසයි.

86A ගාලු පාර, දෙහිවල දකුණ, දෙහිවල යන ලිපිනයෙහි පිහිටි නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව හරහා, දෙහිවල ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට අගනා සේවාවක් සැපයීමට එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය සූදානමින් සිටී. තවදුරටත් සිය ශාඛා ජාලය පුළුල කිරීමේ අරමුණින් මෙවන් නවතම ශාඛා කිහිපයක්ම ඉදිරියේදී කොළඹ නගරය තුල සහ ඉන් පිටත විවෘත කිරීමට ආයතනය සැලසුම් කර තිබේ.

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ප්‍රදර්ශනාගාර මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඩුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ්‍රවන නිපැයුම් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම නවීන ප්‍රදර්ශනාගාරය එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ නව ව්‍යාප්තිය යටතේ විවෘත කරන ලද පළමු ශාඛාව වන අතර මෙහිදී  Prada, Gucci, Vogue, Rayban, Michael Kors, Polo Ralph Lauren, Polar Sun  වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිළි රැසක්ම තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් හට පවතී. තවද අක්ෂි දෝෂ පරීක්ෂණ සඳහා උපයෝගී කර ගැනෙනා උසස්ම තාක්ෂණයේ වර්තන යන්ත්‍රයකින්ද මෙම ශාඛාව සමන්විත වෙයි.

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන්ගේත්, සේවකයන්ගේත්, සමාජයේත් සුව සෙත පිළිබඳව ප්‍රමුඛත්වයක් දෙන ආයතනයක් වන අතර මෙම කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ සියළුම ශාඛාවන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පනවන ලද ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියා පටිපාටීන්ට අනුකූලව පවත්වාගෙන යනු ලැබේ.  

මෙම සුවිශේෂී අවස්ථාවේ සිය අදහස් දැක්වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ මහතා “ මෙම නව ශාඛාව හරහා අක්ෂි දෝෂ සහ ශ්‍රවන දෝෂ සඳහා නව්‍ය විසඳුම් එකම වහලක් යටින් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා. එමගින් පාරිභෝගිකයන් හට උසස් මට්ටමේ සේවාවන් ලබා ගැනීමට බොහෝ දුරකට ගමන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. පාරිභෝගිකයන් හට උපරිම පහසුව සලසමින්, ඔවුන්ගේ කාලයත් මුදලුත් ඉතිරි කර දෙමින් ලඟම ඇති ශාඛා වලින් අක්ෂි සහ ශ්‍රවන සේවාවන් ලබා දීමේ අරමුණින්, මෙවන් කේන්ද්‍රීය ස්ථානයන්හි අපගේ ශාඛා තවදුරටත් විවෘත කිරීමට අප ආයතනය සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් සදහන් කරයි.

ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරනා පුරෝගාමියෙක් වන එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච, ශ්‍රවණාධාරක සහ ශ්‍රවන පරීක්ෂණ පාරිභෝගිකයන් හට ලබාදීමට කටයුතු කරයි. එහිදී ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි සන්නාම, අක්ෂි කාච සන්නාම, අව් කණ්ණාඩි සන්නාම සහ ඩෙන්මාකයේ නිෂ්පාදිත ලොව ප්‍රචලිත  Beltone  ශ්‍රවණාධාර ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

Visits: 42