දෙස් විදෙස් ආයෝජකයන්ට උපදෙස් දීමට ‘පාත්ෆයින්ඩර් සෙන්ටිනියෙල්’ පිහිටුවෙයි

එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය සහ ඇමරිකාවේ වොෂින්ටන් හි පිහිටි සෙන්ටිනියෙල් හෝලිඩිං සමූහ ව්‍යාපාරය එක්ව දෙස් විදෙස් ආයෝජන සඳහා උපදේශන හා ව්‍යාපෘති කළමණාකරණ උපායශීලී සේවාවක් සැපයීම සඳහා අරමුණු කරගත් නව ඒකාබද්ධ සමාගමක් ස්ථාපිත කර ඇතැයි පවසයි.

මෙම සේවාව රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද විවෘත කර ඇති අතර එය විදේශ ආයෝජන ආකර්ශනය කර රට තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා යෝග්‍යතම පසුබිම සම්පාදනය කරනු ඇතැයි සඳහන් වෙයි.

මෙම සහයෝගීතාව සඳහා වන ගිවිසුම දෙපාර්ශවය අතර පසුගිය දා අත්සන් කරන ලද අතර එය නවීනතම ක්‍රමවේද අනුව සජීවීව ඔන්ලයින් තාක්ෂණයෙන් සිදුකිරීම විශේෂත්වයකි.

මෙම පාත්ෆයින්ඩර් – සෙන්ටිනියෙල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වශයෙන් හරින්ද්‍රා කෝලි, සභාපති හා (ප්‍රධාන විධායක සෙන්ටිනෙන්ටල් හෝලිඩිං සහ ලෝක බැංකු හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරී),  ආචාර්ය රාජිට් නාග් (හිටපු කලමණාකරණ අධ්‍යක්ෂක, ආසියානු සංවර්ධන බැංකුව), මොහමඩ් මුෂීන් (උපායශීලී කළමණාකාරන උපදේශක, ආයතනික අධ්‍යක්ෂක හා හිටපු උප සභාපති ලෝක බැංකුව), බර්නාඩ් ගුණතිලක, (හිටපු තානාපති සහ වත්මන් සභාපති පාත්ෆයින්ඩර් පදනම), ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (හිටපු අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව) සහ කේ. බාලසුන්දරම් (ප්‍රධාන විධායක  එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර්) යන මහත්වරුන් පත්ව සිටී.

සෙන්ටිනියෙල් සමාගම ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ ව්‍යාපාර කරගෙන යන ජාත්‍යන්තරව මෙහෙයවෙන උපදේශන සමාගමක් වන අතර සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත වල සිට රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාර දක්වා විශාල ප්‍රවාහයකට මග දක්වන කීර්තිමත් ආයතනයකි.  

දේශීය හා විදේශීය ආයෝජන දිරිගන්වන අතර රටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සෑහෙන කාලයක් තිස්සේ අත්දැකීම් සහිත එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සමූහ ව්‍යාපාරය  හා අනුබද්ධ ලාබ නොලබන ආයතනයක් වශයෙන් 2003 වසරේ සිට ආර්ථීක ප්‍රතිසංස්කරණ, ආරක්ෂක හා උපායශීලී අධ්‍යයන අංශයන්හි වැඩමුළු, සම්මන්ත්‍රණ හා ජාත්‍යන්තර සමළු පවත්වා දෙස් විදෙස් ආයෝජකයන්ට මගපෙන්වීමක් කරන ලද පාත්ෆයින්ඩර් පදනම මෙම නව සමාගම සමග අලූත් එළැඹුමකට ප්‍රවේශ වනු ඇති බව සඳහන් වෙයි.

Visits: 103