ජනපති දංකොටුවේ ඇගලුම් කර්මාන්තශාලා තුනක නිරීක්ෂණයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (සැප්තැම්බර් 28දා) දංකොටුව කර්මාන්තපුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කර්මාන්ත  ඇමති විමල් වීරවංශ මහතාද මේ සඳහා එක්ව තිබේ.

එහිදී ජනපතිවරයා DankotuwaTextile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන වෙත ගොස් ඒවායේ කටයුතු සොයා බැලීමට ලක් කර ඇත.

විශේෂයෙන්ම ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපතිවරයාගේ විමසුමට ලක්වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

“මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතුව තිබෙනවා.” යනුවෙන් ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම නිරීක්ෂණය යටතේ පළමුවෙන්ම ජනපතිවරයා දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය වෙත ගොස් ඇත.

රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත මෙම කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා දමා තිබූ බව එහිදී අනාවරණය විය. ඒ අනුව කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව ඇතැයි පැවසෙයි.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂාව වී තිබේ. පාසල් නිල ඇඳුම් සඳහා වාර්ෂික රෙදි අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd ආයතනය වෙත ජනපතිවරයා පසුව සංචාරය කර ඇත. එහි දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටින බව එහිදී නිරීක්ෂණය වී තිබේ.

මෙම කර්මාන්තශාලා දෙකෙහිදීම රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා  ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පවසා තිබේ. එහිදී කපුවත්ත වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රියල් සමාගම තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව අවධාරණය කර ඇත.

DankotuwaTextile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltdආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. 1500ක පමණ පිරිසක් සේවය කරන එහි ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කරන බවත් සඳහන් වෙයි.

Visits: 97