ජැකලින් ෆර්නැන්ඩස් සමඟින් PEPSI® නව පෙනුමකින්

ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත්  සිසිල් බීම  සන්නාමයක් වන Pepsi® විසින්   ගිම්හාන සමය වෙනුවෙන් ජනප්‍රිය රංගනශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නවතම වෙළෙඳ දැන්වීමක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

‘ප්‍රබෝධමත් Pepsi® සමඟ නව Bold පෙනුමක්’ යන ‘තේමාව මුල්කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වෙළෙඳ දැන්වීම පැරණි ජනප්‍රිය Pepsi® වෙළෙඳ දැන්වීමක් වූ Cindy Crawford දැන්වීමේ ආභාසය සමඟින් නවීන ආකාරයට ප්‍රතිනිර්මාණය කර ඇත. මෙමඟින් Bold පෙනුමක් සහිත නව Pepsi®  නිෂ්පාදන ඇසුරුම් ප්‍රදර්ශනය කෙරේ.

වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ  හුදකලා මිදි වත්තක පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක දර්ශනයකිනි.  එහිදී තරුණයින්  දෙදෙනෙකු ඔවුන්ගේ ඉන්ධන ටැංකි පුරවා ගනිමින් සිටින අතර මෝටර් බයිසිකලයක නැගුණු   තරුණියක් ඉන්ධන  පිරවුම්හල අසලට පැමිණේ. පසුව එම තරුණිය තම බයිසිකලය නවතා හිස් ආවරණය ඉවත් කරන අතර එම තරුණිය සුප්‍රසිද්ධ  ජැකලින් ෆර්නැන්ඩස් බව එහිදී ප්‍රදර්ශනය වේ.

ඇය sporting cut-off කොට කලිසමක් සහ සුදු පැහැති අත්කොට ටී ශර්ට් එකකින් සැරසී සිටියි. ඉන්පසුව එහි පිහිටි Pepsi® බීම කෑන් යන්ත්‍රයෙන් Pepsi® බීම එකක් ගෙන ඇය පානය කරන අතර විස්මයට පත්ව තරුණයින් දෙදෙනා ඒ දෙස බලා සිටියි.මෙහිදී ඔවුන් කුල්මත් වී සිටින්නේ ජැකලීන්ගේ පැමිණීම පිළිබඳ ද, නැතහොත් නවීකරණය කරන ලද Pepsi® නව නිමවුම පිළිබඳව ද යන්න අනුමාන කිරීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙමින් වෙළෙඳ දැන්වීම අවසන් වේ.

මේ තුළින් තරුණයින් දෙදෙනා Pepsi®වලට කෙතරම් ආකර්ෂණය වී සිටින්නේද යන්න සියුම්ව ප්‍රදර්ශනය කෙරේ.

මෙම දැන්වීම එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපයේ සහකාර අධ්‍යක්ෂ අනුජ් ගොයල් මහතා මෙසේ සඳහන් කළේය. “රසික ආකර්ෂණය නොඅඩුව හිමිකරගත් ජැකලින් ෆර්නැන්ඩස්  Cindy Crawford වෙළෙඳ  දැන්වීම ප්‍රතිනිර්මාණය කිරීමේ අපගේ අරමුණට බෙහෙවින් ගැළපෙනවා. එබැවින් ඇය සමඟ අප ගොඩනඟා ගත් සහයෝගීතාවය මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබිඹු කරනවා. ඇයගේ සිත් ඇදගන්නා සුළු පෙනුම සහ ජවය සමඟින්, මෙම නව වෙළෙඳ දැන්වීම  නව රැල්ලක් ඇති කරමින් Pepsi®සන්නාමය සහ එහි නව පෙනුම ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යමින් ජනතාව අතර ප්‍රචලිත කරවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

නව වෙළෙඳ දැන්වීම පිළිබඳව අදහස් දක්වමින් රංගනශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් මෙසේ ප්‍රකාශ කළාය. “මම කවදත් අගය කරන සන්නාමයක් වන Pepsi® සමඟ එක්ව වැඩ කිරීමට ලැබීමමට සතුටක්. ප්‍රේක්ෂක හදවත් අතර  සදාකාලිකව රැදී තිබෙන Cindy Crawford දැන්වීම ප්‍රතිනිර්මාණය කිරීම  සුවිශේෂී ගමනක්. එවැනි විශේෂ නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් සම්බන්ධවීමට ලැබීම මට ඉමහත් ගෞරවයක්. ප්‍රබෝධමත් Pepsi®සමඟ ගිම්හාන සැමරුම් ව්‍යාපාරයක කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.”

Views: 0