හැටන් නැෂනල් බැංකුවේ 135 සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව සිය 135 වැනි සංවත්සරය සමරමින් අද දිනයේදී සමරු මුද්දරයක් නිකුත් කළ බව පවසයි. ඒ අනුව සිය සංවත්සරයක් වෙනුවෙන් මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කළ මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන් නැෂනල් බැංකුවයි.

මෙම ඓතිහාසික අවස්ථාවේදී අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා සඳහන් කළේ ‘’අපේ ආරම්භයේ සිටම අපේ ශක්තිය රඳා පවතින්නේ අපේ මූල්‍යමය ශක්තිය මත පමණක් නොවන බව අපි දන්නවා. මොකද අපේ ලොකුම ශක්තිය වෙන්නේ අපි සේවය කරන වගේම අපිව ආයතනයක් ලෙස විශ්වාස කරන අපේම ජනතාව. නොඑසේ නම් පළමු වරට ඉතිරි කිරීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ගේ සිට දැවැන්ත ව්‍යාපාර බවට පත්වෙලා තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනකන්ම විහිදිලා තියෙන අපේම ගනුදෙනුකරුවන්.’’ යනුවෙනි.

හැටන් නැෂනල් බැංකුව වසර 135ක් පුරාවට සිය ඔරොත්තු දීමේ හැකියාව හා නවෝත්පාදනය සඳහා මෙරට කැපී පෙනෙන ආයතනයක් ලෙසින් පරම්පරා ගණනාවකට බැංකුකරණයෙන් එහා ගිය විශිෂ්ට සේවාවක් ලබා දුන් බව පවසයි.

බැංකුවක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිතවල සතුටුදායකම අවස්ථාවලදී ඔවුන් සමඟ සතුට බෙදාහදා ගත්තා මෙන් ජිවිතයේ දුෂ්කර අවස්ථාවලදීත් ඔවුන් සමඟම හිඳිමින් හා රැඳෙමින් ඔවුන්ට සහාය වෙමින් විශ්වාසවන්ත මිතුරෙක් ලෙස වගේම ඔවුන්ගේ ප‍්‍රගතියේ සහකරු ලෙසත් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කිරීමට HNB හට හැකි විය.

සීඝ‍්‍රයෙන් වෙනස් වන, අවිනිශ්චිත ආර්ථික පරිසරයට අනුගත වීම සඳහා බැංකුව සහ HNB සන්නාමය නිරන්තරයෙන් සුබවාදීව වෙනස් වී ඇත. මෙම ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ වුවද, රටේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන HNB ශක්තිමත් සහ ස්ථාවර ආයතනයක් ලෙස සුබවාදී වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.

පසුගිය වසර දහයේදී බැංකුව සිය පද්ධති වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය සහ ඩිජිටල්කරණය භාවිතා කරමින් විශාල වෙනසක් සිදු කළේය.මෙය වඩා හොඳ බැංකු සේවාවක් සහ පාරිභෝගික අත්දැකීම් ලබා දීම සඳහා හේතු විය. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතයෙන් පසුව,HNB හි ශක්තිමත් ඩිජිටල් බැංකු හැකියාවන් රටේ ඩිජිටල් සේවා භාවිතය ඉහළ නැංවීය.

මෙම අභියෝග මධ්‍යයේ,HNB සිය පරිපාලන පද්ධති වැඩිදියුණු කිරීම සහ ඔවුන් විසින් පිරිනමනු ලබන නිෂ්පාදන හා සේවා වෙනස් කරමින් පාරිභෝගිකයින්ට ස්ථාවර හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ප‍්‍රමුඛත්වය දුන්නේය. තවද සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට භාවිතා කළ හැකි ඩිජිටල් ගෙවීම් ක‍්‍රමයක් නිර්මාණය කිරීමට ද HNB කටයුතු කළේය.

වසර 135ක් පුරා දිවෙන HNB සන්නාමය අභියෝග මධ්‍යයේ වුවද අනුවර්තනය වීමට, නව්‍යකරණයට සහ වර්ධනය වීමට බැංකුවට ඇති හැකියාව පෙන්නුම් කරන කදිම සාක්ෂියකි.විශිෂ්ට පාරිභෝගික අත්දැකීම්, තිරසාරභාවය සහ නව තාක්ෂණයට ප‍්‍රමුඛත්වය දෙමින් HNB ශ‍්‍රී ලංකාවේ විශ්වසනීය සහ ඉදිරි දැක්මක් ඇති බැංකුවක් බවට පත්ව ඇත.

Views: 0