Socomec ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ශක්තිමත් කරයි

ප්‍රංශ බහුජාතික සමාගමක් සහ අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec, ඉන්දියාව සඳහා ක්‍රමෝපායික උපාය මාර්ගයන් හී කොටසක් ලෙසින් ශ්‍රී ලංකාව තුළ සැළකිය යුතු අන්දමින් සිය මෙහෙයුම් දියත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කරයි.

ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාව තුළ සිය පැවැත්ම තුන් ගුණයකින් ඉහළ නැංවීම සඳහා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සුහාඩ් අමිට් මහතා පත් කර ඇත. විවිධ ක්ෂේත්‍ර රැසක වසර 25 කට වැඩි කීර්තිමත් වෘත්තීය අත්දැකීම් හිමි අමිට් මහතා, ශ්‍රී ලංකාව තුළ සමාගමේ මෙහෙයුම් මෙහෙයවමින් බංග්ලාදේශය, මාලදිවයින, භූතානය, නේපාලය යන රටවල වෙළඳපලවල මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ වගකීම දරනු ඇත.

පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් පාරිභෝගික තෘප්තියට ප්‍රමුඛත්වය දෙමින් කර්මාන්ත ප්‍රමිතීන් ඉක්මවා යාමේ Socomec හි මෙහෙවර, අති නවීන බලශක්ති පරිවර්තන විසඳුම් සැපයීම, බල ශක්ති හුවමාරුව සහ තීරණාත්මක යෙදවුම් සඳහා අධීක්ෂණ උපකරණ යනාදිය සැපයීම තුළින් අවධාරණය කරයි. නව ප්‍රංශ ආභාසය ලත් නිෂ්පාදන ක්‍රම සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් හරහා Socomec විසින් සිය ගනුදෙනුකරුවන්ගේ සහ වෙළඳපලෙහි දිනෙන් දින වර්ධනය වන බලශක්ති සම්බන්ධ ඉල්ලීම් සපුරාලීම සහතික කරනු ලබයි.

Socomec හි ආසියා පැසිපික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ඔ’නීල් දිසානායක මහතා ක්‍රමෝපායික ව්‍යාප්තිය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළේ, “නවෝත්පාදනයන් ඔස්සේ සියලු වෙළඳපල හරහා තිරසාර වර්ධනයක් කරා රැගෙන යාම අපගේ ප්‍රධාන ඉලක්කයයි. ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති සහ ඩිජිටල් මාධ්‍යයේ පරිවර්තනය අපගේ මෙහෙයුම් දියත් කිරීම සඳහා හොඳ වේදිකාවක්.

Socomec හි හවුල්කරුවන් මතින් දශක තුනකට ආසන්න කාලයක් මෙරට තුළ දිගු කාලයක් ඔස්සේ සිය පැවැත්ම පවත්වා තිබියදීත්, අපගේ වටිනා හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සඳහා අපගේ ආධාරක ජාලය ශක්තිමත් කිරීමට අප මෙම මොහොත අවස්ථාවක් කර ගන්නවා. අපගේ ගෝලීය නිෂ්පාදන ප්‍රයෝජනයට ගනිමින්, අපගේ ආසියා-පැසිෆික් සහ ඉන්දීය සංවිධාන හරහා යුරෝපීය සම්භවයක් ඇති නිෂ්පාදන සහ විසඳුම් ශ්‍රී ලංකාවට ලබා දීමට අපි කැපවී සිටින්නෙමු.” යනුවෙනි.

Socomec Greater ඉන්දියා හි කළමනාකාර අධ්‍යක්ෂ මිනු සින්ගාල් මහතා ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ දිනෙන් දින විකාශනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා සමාගමේ කැපවීම යලි තහවුරු කළේය.

Views: 0