CTC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හරීන් ද එස් විජයරත්න පත් වෙයි

කීර්තිමත් ව්‍යාපාර නායකයෙකු වන හරීන් ද එස් විජයරත්න මහතා ලංකා දුම්කොළ සමාගමේ (CTC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2024 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කළ බව එම සමාගම නිවේදනය කරයි.

මෙම පත් කිරීමත් සමඟින් CTC හි අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට සභාපති සුරේෂ් ෂා, කළමනාකාර අධ්‍යක්ෂ මොනිෂා ඒබ‍්‍රහම්, කුෂාන් ද අල්විස්, ගැරී ටැරන්ට්, රුමානා රහ්මන්, ස්ටුවර්ට් කිඞ්, තවුහිඞ් අක්බර් සහ හරීන් ද එස් විජයරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වෙයි.

විජයරත්න මහතා ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (Institute of Chartered Accountants of Sri Lanka) සහ එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (Chartered Institute of Management Accountants – UK)  සාමාජිකයෙකි.ඔහුට බහරේනයේ Investcorpබැංකුව, බහරේනයේ Grindlays Bahrain බැංකුව මෙන්ම බහරේනයේ Ernst & Young සහ ශ‍්‍රී ලංකාවේ Ernst & Young යන ආයතනවල සේවය කිරීමෙන් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සහ විගණනය පිළිබඳව වසර 30කට වැඩි පළපුරුද්දක් ඇත.

ඔහු DFCC බැංකුවේ සහ Trans Asia Hotels PLC හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරන අතර එම ආයතන දෙකෙහිම විගණන කමිටු සභාපතිවරයා ද වෙයි.මීට අමතරව, විජයරත්න මහතා MAS Holdings හි විගණන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.

විජයරත්න මහතා මීට පෙර ශ‍්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (Sri Lanka Institute of Nanotechnology – SLINTEC) ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසත් යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සේවය කර ඇත. තවද යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී හි ඔහුගේ සේවා කාලය තුළ එහි අධ්‍යක්ෂ මණ්ඩල විගණන සහ අනුකූලතා කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

තවද, ඔහු ගාමිණී කොරයා භාරයේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම SLINTEC Endowment භාර අරමුදලේ භාරකරුවෙකු ලෙස ද කටයුතු කරන අතර Avastha මූල්‍ය උපදේශන සේවා ආයතනයේ නිර්මාතෘ/හිමිකරු සහ මානසික සෞඛ්‍ය උපදේශන සමූහයක් වන කල්‍යාණ ආයතනයේ සම-නිර්මාතෘවරයා ද වේ.

CTC සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විජයරත්න මහතා සාදරයෙන් පිළිගන්නා අතර ඔහුගේ ප‍්‍රවීණත්වය සහ හසළ දැනුම තුළින් CTC හි ආයතනික පාලනය, විගණන ප‍්‍රමිතීන් සහ හොඳම ක‍්‍රමෝපායන් ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ වටිනා දායකත්වය අපේක්ෂා කරයි.

වසර 118ක දිගු ඉතිහාසයක් ඇති CTC කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ගෞරවාදරයට පාත‍්‍ර වූ සමාගමකි.සමාගම ශ්‍රී ලංකාව තුළ සිය ස්ථානය තහවුරු කරගනිමින් සියලූම පාර්ශවකරුවන්ට ප‍්‍රතිලාභ ලබා දීම සඳහා අඛණ්ඩ සංවර්ධනයක් ඇති කිරීමට කැපවී සිටී.

Visits: 0