එපික් ලංකා සමාගම නව නිපැයුම් 20ක් සමගින් ඉදිරි වසර 25 සඳහා ඩිජිටල්කරන උපායමාර් ග එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකා සමාගම විසින් සිය 25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි නිරන්තරයෙන් කැප වන එපික් ලංකා සමාගමේ විශිෂ්ට නිෂ්පාදන කළඹ IPs පද්ධති (intellectual property) 20කින් සමන්විත බවත් පවසයි.

ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස එපික් ලංකා හඳුන්වා දෙන මෙම IPs පද්ධති, ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සන්නාම සමඟ අත්වැල් බැඳ ගනිමින් විදේශ වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත් වීම හරහා ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දීමට සමත් වී ඇත.

වසර 25 ක් පුරා ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයන් අතින් ඉදිරියෙන්ම සිටින එපික් ලංකා සමාගමේ නිර්මාතෘ සහ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා මෙම විශිෂ්ට ගමන් මග පිළිබඳ ව අදහස් දක්වමින්, “අපගේ විශිෂ්ටත්වය සඳහා උදාහරණ සපයමින් එපික් ලංකා සමාගම පසුගිය දා 25වන සංවත්සරය සැමරුවා. ආරම්භයේ සිට වර්තමානය දක්වා ම අපි අපගේ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් විදියට වර්ධනය වුණා. ඩිජිටල් පරිවර්තනය සහ දැඩි කැප වීමෙන් කටයුතු කරන අපගේ අති දක්ෂ කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වුණු බව පැවසිය යුතු ම යි.” යනුවෙන් පැවසීය.

එපික් ලංකා සමාගම පසු ගිය වසර 25 පුරා දේශීය තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ඇතුළු ව 6,000කට අධික සේවක පිරිසක් වෙත රැකියා අවස්ථා ලබා දී ඇති අතර, 3,000 කට අධික පිරිසකට සීමාවාසික පුහුණුව ලබා ගැනීම සඳහා ද අවස්ථාව ලබා දී ඇත.

එපික් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් මුදලිගේ මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “උසස් තාක්‍ෂණයෙන් සමන්විත අපගේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව්‍යකරණ සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. අප හඳුන්වා දුන් මෙම නවතම සේවාවන් සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන රාශියක් හිමි වූ බවත් පැවසිය යුතු ම යි.” යනුවෙනි.

ඩිජිටල් ක්ෂේත්‍ර නිපුණත්වයේ ප්‍රමුඛයකු වන එපික් ලංකා සමාගම නව විසඳුම් හරහා ගෙවීම් ක්ෂේත්‍රය නවීකරණය කරමින්, රාජ්‍ය ව්‍යවසායන් නව්‍යකරණය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති අතර, පුළුල් විෂය පථයක් ආවරණය කරන එපික් ලංකා සමාගම හඳුන්වා දෙන නව විසඳුම් හා නවෝත්පාදන හරහා.ලබා දෙන සේවාවන් ආසන්න වශයෙන් මෙරට සියළුම් ජනතාවගේ දෛනික ජීවිතයට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

එපික් ලංකා සමාගම නැගෙනහිර ආසියාවේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම සමාගමේ සේවාවන් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත ද ලබා දෙමින්, මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත ව ගෝලීය ප්‍රමුඛයා බවට පත් වීමට සමත් විය.

මේ බව සනාථ කරමින් මෙවර Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලේ දී එපික් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ හොඳ ම ICT විසඳුම් සපයන්නා ලෙස රන් සම්මානය හිමි කර ගත් අතර, මෙම ජයග්‍රහණය, විශිෂ්ටත්වය සහ නවෝත්පාදන හඳුන්වා දීම සඳහා එම සමාගමේ කැපවීම සඳහා උදාහරණ සපයයි.

1998 දී ආරම්භ කරන ලද, එපික් ටෙක්නොලොජි සමූහය, යනු දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බැංකු, මූල්‍ය සේවා සහ රාජ්‍ය අංශ වෙත නවීන තාක්‍ෂණය හඳුන්වා දීම වෙනුවෙන් සම්මානලාභී, කලාපීය වශයෙන් ප්‍රමුඛතම තාක්‍ෂණික සමාගමකි.

Visits: 55