Twitter මිලදී ගන්න මස්ක් වැඩිපුර ඩොලර් බිලියන 25ක් ගෙවලා?

Twitter Inc. (වර්තමානයේදී X Inc.) වැඩසටහනේ හිමිකරුවා වන එලෝන් මස්ක් පසුගිය වසරේදී එම වැඩසටහන මිලදී ගැනීම සඳහා එහි වර්තමාන වටිනාකම මෙන් වැඩිපුර එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

අද දිනයේදී X Inc. සමාගම මගින් එහි එක්සත් ජනපද කොටස් වෙළෙඳ පොළ වෙත යැවූ ඊ-මේල් පණිවුඩයකට අනුව එම සමාගමේ වර්තමාන වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 19කි. එහෙත් එලෝන් මස්ක් මෙම Twitter Inc.  සමාගම මිලදී ගත්තේ එක්සත් ජනපද ඩොලර් බිලියන 44 ක මුදලකටය.

X Inc. සමාගම සඳහන් කරන ආකාරයට වර්තමානයේදී එම සමාගමේ කොටසක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 45කි. මස්ක් පසුගිය වසරේදී එම එක් කොටසක් මිලදී ගත්තේ ඩොලර් 54.20 ක මුදලකටය. ඒ අනුව එම අවස්ථාව හා සැසඳීමේදී අද වනවිට X Inc. සමාගමේ වටිනාකම 55%කින් පහළ ගොස් තිබේ.

මෙලෙස තමන් Twitter වෙත නොමනා වටිනාකමක් ගෙවූ බව මස්ක් අවස්ථා කිහිපයකදීම පවසා තිබුණි. ඒ අතරින් පසුගිය මාර්තු මාසයේදී ඔහු සිය සේවකයන් වෙත ඉමේල් පණිවුඩයක් මගින් සඳහන් කර තිබුණි. එහිදී ඔහු එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 20ක් බව විශ්වාස කරන පවසා සිටියේය. එසේම එය වටිනාකම පහතට වැටෙන ස්ටාර්ට්-අප් සමාගමක් ලෙසද හඳුන්වාදී තිබුණි.

Visits: 97