කැන්ඩි හොටේල්ස් සමූහයට අයත් EKHO Surf Hotel අලුත්වැඩියාවෙන් පසු නොවැම්බරයේ යළි විවෘත කෙරෙනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමූහයට (KHC.N0000) අයත් EKHO Surf Hotels – බෙන්තොට හෝටලය අලුත්වැඩියාවකින් පසුව ලබන නොවැම්බර් මාසයේදී යළිත් ජනතාව වෙත යළිත් විවෘත කරන බව එම සමාගම පවසයි.

කාමර 100කින් සමන්විත මෙම හෝටලය කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමූහයට අයත්, පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමිගමක් වන යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම යටතේ ක්‍රියාත්මක හෝටලයකි.

ඒ අනුව EKHO Surf හෝටලය අලුත්වැඩියාව මේ වනවිට ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා වන වියදම රුපියල් මිලියන 250ක් (250,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී අදාළ මුදල් යෙදවීම එම සමූහය සතුව ඇති මුදල් සංචිතයෙන් සපයා ගන්නා බවත් කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමූහය පවසයි.

අද වනවිට මෙම යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම සතුව Ekho Surf Hotel Bentota, Ekho Safari hotel  Tissamaharama, The Lake Hotel සහ the iconic Lake house in Polonnaruwa යන හෝටල් පවතී.

මෙම වසරේ මාර්තු 31 වැනිදා වනවිට කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී හි කොටස්හිමිකාරිත්වයෙන් 69.54෴ක් එනම් කොටස් 401,567,250ක් හිමිව ඇත්තේ සිලෝන් හොටේල්ස් කෝපරේෂන්ස් පීඑල්සී සමාගමටයි.

මහනුවර පිහිටි සුප්‍රසිද්ධ ක්වීන්ස් හෝටලය ඇතුළුව තවත් ප්‍රධානතම හෝටල් රැසක හිමිකාරීත්වය පවතින්නේද කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගමෙහි මව් සමාගම වන සිලෝන් හොටේල් කෝපරේෂන් පීඑල්සී සමාගමටයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේ ගනුදෙනු නිමාවේදී කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 9.30ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 114