ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය  2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටියි. 

2002 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය ලෙස එම කර්මාන්තය ආශ්‍රිත වාණිජ කටයුතුවල සියලුම අංශ නියෝජනය කරයි.

වසර ගණනාවක් පුරාවට ජාත්‍යන්තර අවධානය ද දිනාගත් ශ්‍රී ලංකාමැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස FACETS  මෙම වසරේදී ද  විශිෂ්ට මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීම තුළින් ලොව ප්‍රමුඛ පෙළේ  මහ පරිමාණ සහ කුඩා පරිමාණයේ වෙළෙඳ ව්‍යාපාරවල, මැණික් තාක්ෂණ ශිල්පීන්ගේ මෙන්ම අපනයන සහ නිශ්පාදනකරුවන්ගේත් ආකර්ෂණය දිනා ගනු ඇත.

ලොව හොඳම මැණික් සඳහා ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලංකාව දේශීය සංස්කෘතික අංගයන් සමඟ ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට වඩාත් ගැළපෙන අයුරින් අද්විතීය හා විචිත්‍රවත් මැණික් ගල්  මුසු කර විශිෂ්ට ස්වර්ණාභරණ නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකු ලෙස ජාත්‍යන්තර ආකර්ෂණය ද දිනාගෙන සිටියි.

මෙම අවස්ථාවට සහභාගී වූ FACETS Sri Lanka හි සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා විසින් ඉදිරි ප්‍රදර්ශන කටයුතු සහ FACETS Sri Lanka 2024 හි නව විශේෂාංග පිළිබඳව සිය අදහස් බෙදා ගත් අතර ප්‍රදර්ශනයට අලුතින් එක් වන තිරසරභාවය පිළිබඳප්‍රදර්ශන කුටිය සහ නිල් මැණික් ආශ්‍රිතව සිදුකළ විශිෂ්ට නිර්මාණ ප්‍රදර්ශන කුටියවැනි අංගයන් පිළිබඳ මෙහිදී සඳහන් කළේය.එම සුවිශේෂීනවතම අංගයන් මෙවර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට නිසැකවම එකතු කරනු ඇත.

මෙවර FACETS Sri Lanka 2024 හි දී මැණික් කුටි රාශියක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර FACETS හි ආරම්භයේ සිටම ප්‍රදර්ශනය කළ ප්‍රධානමැණික් ප්‍රදර්ශන කුටියද ඇතුළුව ප්‍රධාන ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය, තිරසරභාවය පිළිබඳ ප්‍රදර්ශන කුටිය, නිල් මැණික් ආශ්‍රිතව සිදුකළ විශිෂ්ට නිර්මාණ ප්‍රදර්ශන කුටිය, රළු ගල් ප්‍රදර්ශන කුටිය, මැණික් විද්‍යාගාර ප්‍රදර්ශන කුටිය, NGJA SME ප්‍රදර්ශන කුටිය, සහ SLGJA Gem and Jewellery ප්‍රදර්ශන කුටියආදිය මෙහිදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

ප්‍රධාන මැණික් ප්‍රදර්ශන කුටිය දිගු කලක් පුරාවට FACETS Sri Lanka සමඟඅත්වැල් බැඳගෙන සිටි ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛ පෙළේ මැණික් අලෙවිකරුවන්ගෙන් සමන්විත වන අතර එහිදී ඔවුන්ගේ මැණික් අලෙවි  කිරීමට අපේක්ෂා කරයි.  ප්‍රමුඛ පෙළේ දේශීය ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ගෙන් සමන්විත ප්‍රධානස්වර්ණාභරණප්‍රදර්ශන කුටිය තුළ ඔවුන්ගේ ස්වර්ණාභරණ මහජනයා වෙත ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

FACETS ශ්‍රී ලංකා සඳහා මුල් වරට එක් වන අංගයක් වන තිරසරභාවය පිළිබඳප්‍රදර්ශන කුටිය තුළින් වසර 2300ක් තරම් දිගු ශ්‍රී ලංකාවමැණික් වෙළෙඳාමේ ඉතිහාසය පිළිබඳ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයේ ඓතිහාසික විකාශනය සහ එහි තිරසාරභාවයට අදාළ ක්‍රමවේද සහ ප්‍රවේශයන් ඉදිරිපත් කරනු ඇත.

නිල් මැණික් ආශ්‍රිතව සිදුකළ විශිෂ්ට නිර්මාණප්‍රදර්ශන කුටියමෙම ප්‍රදර්ශනයෙහි තවත් සුවිශේෂී අංගයක් වන අතර එහිදී වටින්කමින් ඉහළ විශාල පාෂාණ වර්ග ප්‍රදර්ශනය කරයි.එමෙන්ම ප්‍රදර්ශනයේ අවසන් දිනයේ දී ඒවා අලෙවි කිරීමට ද අපේක්ෂිතය. තවද,ලෝකයේ සියලුම  රටවල රළු පාෂාණද රළු පාෂාණ ප්‍රදර්ශන කුටියේදී ප්‍රදර්ශනය කරනු ඇත.

එකම පරීශ්‍රයක් තුළදී ප්‍රමුඛතම දේශීය සහ ජාත්‍යන්තර මැණික් විද්‍යාගාරයන් දැක බලා ගැනීමේ අවස්ථාවමෙන්මමැණික් සඳහා තත්ත්ව සහතිකයක් ලබා ගැනීමේ අවස්ථාව ප්‍රධාන මැණික් විද්‍යාගාර ප්‍රදර්ශන කුටිය ඔස්සේ හිමි වන අතර NGJA SME ප්‍රදර්ශන කුටිය හරහා රට පුරා සිටින තෝරාගත් සාමාජිකයින්හට ඔවුන්ගේ මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මැණික් මහ ස්වර්ණාභරණ සංගමයේසාමාජිකයින්ගේ මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශන වෙනුවෙන් SLGJA මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටිය වෙන් කර ඇත.

Visits: 68