MAS Holdings අඛණ්ඩව තෙවන වරටත් Clarivate South Asia සම්මානය දිනා ගනී

ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ.

ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum)සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivateවිසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල මඟින් නව්‍යකරණයන් කෙරෙහි මූලික අවධානයක් ලබාදෙන සංවිධාන හඳුනාගෙන අගයනු ලබයි.

දකුණු ආසියානු නවෝත්පාදන සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය ලොව පුරා නවෝත්පාදන නායකයින් හඳුනාගැනීමේ මිණුම් ලකුණක් වන Clarivate’s Top 100 Global Innovators™හි ක‍්‍රමවේදයට සමාන්තර වේ. Clarivateවිසින් derwent World Patents Index™ ^DWPI™&iyDerwent Patents Citation Index™වෙතින් ලැබෙන දත්ත මත පදනම්ව පේටන්ට් බලපත‍්‍ර කොපමණ තිබේද සහ එක් එක් පේටන්ට් බලපත‍්‍රලාභීන්ගේ නවෝත්පාදන ශක්තිය කෙසේද යන කාරණා දෙකම ඇගයීමට ලක් කරයි.

MAS Holdings හි නවෝත්පාදනයන්ට නායකත්වය ලබාදෙන රනිල් විතාරණ මහතා පැවසුවේ, ‘’Clarivate වෙතින් නැවතත් දකුණු ආසියානු නවෝත්පාදන සම්මානය දිනා ගැනීමට ලැබීම අපට මහත් සතුටක්. අප තෙවන වරටත් හිමිකරගත් මෙම ජයග‍්‍රහණය, පෙරළිකාර නවෝත්පාදනයන් වෙනුවෙන් සහ උසස් තත්වයේ බුද්ධිමය දේපළක් පවත්වා ගැනීම වෙනුවෙන් වූ MAS හි නොසැලෙන කැපවීම පිළිබඳව සාක්ෂි සපයනවා. නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරනවා පමණක් නොව අපගේ ගනුදෙනුකරුවන්ගේ සාර්ථකත්වයට ද දායක වෙනවා.” යනුවෙනි.

ආයතනික කාණ්ඩය යටතේ දකුණු ආසියානු නවෝත්පාදන සම්මානය ලබා ගැනීම තුළින් MAS හි බුද්ධිමය දේපල (IP) ශක්තිමත් වන අතර, කලාපයේ ප‍්‍රමුඛ නවෝත්පාදකයෙකු ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත් වී ඇත.

MAS හි කැපී පෙනෙන නවෝත්පාදන මාවතේ කේන්ද්‍රය ලෙසින් හැඳින්විය හැකි එහි නවෝත්පාදන හස්තය වන Twinery, ස්මාර්ට් ඇඟලූම් තාක්ෂණයන් සංවර්ධනය කිරීම සහ භාවිතා කිරීම වේගවත් කිරීම සඳහා කැපවී ඇත. Twineryඇඟලූම් කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම සඳහා ගෝලීය විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් එකට එක් කරයි.

Femography සහ Softmatter, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සීමා මායිම් පුළුල් කිරීමට MAS හි කැපවීම පෙන්නුම් කරයි. Softmatter, ඇඟලූම් තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇති අතර සේදිය හැකි සංවේදක, හැප්ටික්ස්, ආලෝකය සහ තවත් දේ හරහා පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කරයි. මේ අතර, Femography, උසස්, සේදිය හැකි, නැවත භාවිතා කළ හැකි සහ වඩාත් තිරසාර FemTechනිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් කාන්තා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක විසඳුම් කෙරෙහි අවධානය යොමුකර ඇත.

Visits: 79