කොමර්ෂල් බැංකු Mastercard කාඩ්හිමියෙකුට පැරීසියේදී රග්බි ලෝක කුසලාන තරඟයක් නැරඹීමේ අවස්ථාව

ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත.

මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් අතර සිදුකළ දිනුම් ඇදීමෙන් S. A. F. ඇන්ජෙලෝ මහතා මෙම ගෝලීය තරඟාවලියේ දෙවන පූර්ව වටයේ තරඟය නැරඹීම සඳහා මාස්ටර්කාඩ් වෙතින් රග්බි ලෝක කුසලාන පැකේජ දෙකක් ඔහුට සහ ඔහුගේ බිරිඳට දිනා ගැනීමට හැකි විය.

මෙය ගුවන් ගමන් ගාස්තු, හෝටල් නවාතැන් පහසුකම්, 2023 රග්බි ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරඟය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර සමඟ තරඟාවලියට හා ඔවුන් ආදරය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමීප වීමට රසිකයින්ට ඉඩ ලබා දෙන මාස්ටර්කාඩ් ප්‍රවේශය හා අත්දැකීම ඇතුළුව දෙදෙනෙක් සඳහා සියල්ල ඇතුළත් සිව්දින සංචාර පැකේජයකි.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයා වෙත පැකේජ දෙක පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වෙමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඇදහිය නොහැකි අත්දැකීම් ලබා දීමට කොමර්ෂල් බැංකුව හා මාස්ටර්කාඩ් අවස්ථා ගණනාවකදී සහයෝගයෙන් කටයුතු කර ඇත. මාස්ටර්කාඩ් හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස අපගේ කාඩ්පත් හිමියන්ට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මෙවැන් අවස්ථා පිරිනැමීම සඳහා මෙවැනි ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව ඉතාමත් සතුටු වනවා.”

 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරඟය ඔක්තෝබර් 21 සෙනසුරාදා උතුරු පැරිසියේ Saint-Denis හි පිහිටි ප්‍රංශයේ ජාතික ක්‍රීඩාංගනය වන Stade de France හි දී පැවැත්වේ.

Visits: 42