ලැයිස්තුගත සමාගම් 4ක් කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් වීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් හතරක් එම ලැයිස්තුගත වීමෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව Good Hope PLC, SELINSING PLC, SHALIMAR (MALY) PLC සහ INDO MALY PLC යන සමාගම් මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මේ සඳහා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය පසුගිය අගෝස්තු 10 වැනිදා එම සමාගම් වෙත ලැබී තිබුණි.

ඒ අනුව එම සමාගම්වල කොටස් හිමිකරුවන් සතු කොටස් මිලදී ගැනීමට එම සමාගම්හි වැඩිම කොටස් හිමිකරුවා වන Goodhope Asia Holdings Limited (GAHL) විසින් පියවර ගැනීම ආරම්භ කර ඇතැයිද පවසයි.

ඒ අනුව පසුගිය අගොස්තු 29 වැනිදා සිට කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබෙන ඕනෑම දිනයකදී මෙම මිලදී ගැනීම සිදු කරන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී Good Hope PLC සමාගම මගින් එම කොටස්හිමිකරුවන් සඳහා කොටසකට රුපියල් 3,513ක් බැගින් ගෙවීමට කැමැත්ත පළ කර තිබේ. එසේම SELINSING PLC සමාගමේ කොටසක් සඳහා රුපියල් 2,593ක් බැගින් ගෙවීමටත්, SHALIMAR (MALY) PLC සමාගමේ කොටසක් සඳහා රුපියල් 2,452ක් බැගින් ගෙවීමටත්, INDO MALY PLC සමාගමේ කොටසක් සඳහා රුපියල් 2,805ක් බැගින් ගෙවීමටත් එම සමාගම එකඟතාව පළ කර ඇත.

ලබන සැප්තැම්බර් 18 වැනිදා මෙම මිලදී ගැනීම අවසන් කෙරෙන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Views: 391