සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සිය 2023 තිරසාර වාර්තාව එළිදක්වයි

අතිනවීන තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ගෝලීය ප‍්‍රමුඛයෙකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සිය 2023 තිරසාර වාර්තාව නිකුත් කළේය. මෙම විශේෂ වාර්තාව මගින් සැම්සුන් හි තිරසාර උපායමාර්ග සහ මිනිසුන්, ලෝකය සහ මූලධර්ම යන වැදගත් අංශ තුනක් හරහා ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

මෙම 2023 වාර්තාව මගින් 2022 සැප්තැම්බර් මාසයේදී නිවේදනය කරන ලද පුරෝගාමී  වැඩසටහනක් වන නව පාරිසරික උපායමාර්ගය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සහ සමාගමේ ගෝලීය මානව හිමිකම් මූලධර්ම හඳුන්වාදීම ඇතුළුව පසුගිය වසර පුරා සැම්සුන්හි කැපී පෙනෙන ජයග‍්‍රහණ ඉස්මතු කරයි.

සැම්සුන් හි තිරසාර ප‍්‍රයත්නයන් නව පාරිසරික උපාය මාර්ගය වටා කේන්ද්‍රගත වී තිබෙන අතර, 2030 වන විට, Device eXperience (DX) අංශයේ සියලූම මෙහෙයුම් සඳහා කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සහ එම ඉලක්කය 2050 වන විට Device Solutions (DS) අංශය දක්වා ව්‍යාප්ත කිරීමට සමාගමේ දැඩි කැපවීම විදහා දක්වයි. දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සහ චක‍්‍රීය ආර්ථිකයක් ප‍්‍රවර්ධනය කිරීමට සැම්සුන් හි නොසැලෙන අධිෂ්ඨානය මෙම ඉලක්කවලින් පිළිබිඹු වෙයි.

සමාගමේ කැපී පෙනෙන ජයග‍්‍රහණයක් ලෙස, වියට්නාමය, ඉන්දියාව සහ බ‍්‍රසීලයේ පිහිටා ඇති සිය මෙහෙයුම් මධ්‍යස්ථානවල 100% පුනර්ජනනීය බලශක්ති භාවිතය වෙත මාරු වීමෙන් සැම්සුන් සැලකිය යුතු සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ජයග‍්‍රහණය 2027 වන විට DX සහ කොරියාවෙන් පිටත පිහිටි සියලූම මෙහෙයුම් මධ්‍යස්ථානවල පුනර්ජනනීය බලශක්තිය වෙත සම්පූර්ණයෙන් මාරු වීමට සමාගමේ කැපවීමට අනුකූල වේ. මීට අමතරව, 2030 වන විට, සැම්සුන් විසින් ඔවුන්ගේ නිෂ්පාදනවල භාවිත කරනු ලබන ප්ලාස්ටික් වලින් 50%ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද රෙසින්වලින් සාදන බව සහතික කිරීම අරමුණු කරයි. 2050 වන විට මෙය 100% දක්වා වැඩි කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.

සැම්සුන් සමාගම පාරිසරික අභියෝගවලට මුහුණ දීමට පියවර ගනිමින් සිටී. සමාගම Regenerative Catalytic Systems (RCSs) ක‍්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා ඇති අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනයේදී භාවිත කරනු ලබන වායුන්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සෘජු හරිතාගාර වායු විමෝචනයෙහි කැපී පෙනෙන අඩුවීමක් සිදුවී ඇත. තවද සැම්සුන් හි Hwaseong විශ්වවිද්‍යාලය ද ජලය බැහැර කිරීමට පෙර එහි ස්වභාවික තත්වයට ගෙන ඒමට ගන්නා උත්සාහයන් සඳහා පිළිගැනීමට ලක්ව ඇත. මෙම මුලපිරීම් තිරසාරත්වය සඳහා සැම්සුන් හි කැපවීම පෙන්නුම් කරයි.

සැම්සුන් තිරසාරත්වය සඳහා කැපවී සිටින අතර වෙනසක් ඇති කිරීමට විවිධ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. සමාගම RE100,Asian Clean Energy Coalition (ACEC)සහ චක‍්‍රීය ආර්ථිකය වේගවත් කිරීම සඳහා වූ වේදිකාව (Platform for Accelerating the Circular Economy – PACE) වැනි බලවත් ගෝලීය මුලපිරීම් කිහිපයකට සම්බන්ධ වී ඇත. තවද රෙදි සෝදන යන්ත‍්‍රවලින් නිකුත් වන ක්ෂුද්‍රප්ලාස්ටික් (microplastics) ඵලදායී ලෙස අඩු කරන නවීන පෙරහනයක් (filter) දියත් කිරීමට සැම්සුන් සමාගම Patagonia සමඟ ද අත්වැල් බැඳගෙන ඇත.

සැම්සුන් මානව හිමිකම්වලට ගරු කිරීමට කැපවී සිටී. 2023 පෙබරවාරි මාසයේදී සමාගම ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූලව සිය ගෝලීය මානව හිමිකම් මූලධර්ම ප‍්‍රකාශයට පත් කළේය. මීට අමතරව, සැම්සුන් විසින් 2022 දී සමාගම තුළ විවිධ කාර්යයන් ගවේෂණය කිරීමට සේවකයින්ට විවිධ අවස්ථා ලබා දීම සඳහා Free Agent (FA) සහ Samsung Talent Exchange Program (STEP) වැඩසටහන් හඳුන්වා දෙන ලදී. තවද, සැම්සුන් විසින් සේවකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා පුළුල් පුහුණු වේදිකාවක් වන The University of Samsung Electronics (The UniverSE)දියත් කළේය.

සැම්සුන් සිය තිරසාර අරමුණු ශක්තිමත් කිරීම සඳහා කාර්යසාධන ඇගයීම්වලට තිරසාරත්වයට අදාල මිණුම් ඇතුළත් කර ඇත. මෙම මිණුම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තියට මාරු වීම, බලශක්ති කාර්යක්ෂම නිෂ්පාදන සංවර්ධනය කිරීම, රෙගුලාසිවලට අනුකූල වීම සහ නිෂ්පාදනවලට ප‍්‍රවේශ විය හැකි බවට සහතික වීම වැනි පුළුල් පරාසයක ක්ෂේත‍්‍ර ආවරණය කරයි.

විනිවිදභාවය සඳහා සිය කැපවීම පෙන්නුම් කිරීම සඳහා සැම්සුන් විසින් 2023 පෙබරවාරි මාසයේදී තිරසාර වෙබ් අඩවිය (Sustainability | Samsung Electronics)එළිදක්වන ලදී. උපායමාර්ග, ඉලක්ක, ප‍්‍රගතිය, නිෂ්පාදන, ප‍්‍රතිපත්ති, දත්ත, ප‍්‍රවෘත්ති සහ සම්මාන ඇතුළු සමාගමේ තිරසාර මුලපිරීම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් සපයයි. විවෘත හා අවංක සන්නිවේදනය සඳහා සැම්සුන් හි කැපවීම මෙමගින් විදහා දක්වයි.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් තිරසාර අනාගතයක් කරා යන ගමනට නායකත්වය දීමට අධිෂ්ඨානශීලීව කැපවී සිටී. දුරදර්ශී ඉලක්ක පිහිටුවීම, නව්‍ය උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීම සහ අර්ථවත් සහයෝගීතාවයන් වර්ධනය කිරීමෙන්, සැම්සුන් සියලූ දෙනාටම වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට අරමුණු කරයි.තාක්ෂණික දියුණුව සහ පාරිසරික භාරකාරත්වය අතර සමතුලිතතාවයක් ඇති කිරීම සමාගමේ අරමුණයි.

Views: 32