රාජා ජුවලර්ස් “Diamond Forever” නමින් මෙවර දියමන්ති දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් දියමන්ති ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් දියමන්ති දිනය වෙනුවෙන් “Diamond Forever” නමින් විශේෂ සැමරුම්  වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම කාලසීමාව තුළ 50% දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙන ලදී.

එසේම මෙම සෑම දියමන්ති ස්වර්ණාභරණ මිලදිගැනීමක් සඳහා ප්‍රමුඛතම රූපලාවණ්‍ය සන්නාමයන්ගේ වවුචර් පත් හා සැමරුම් සංකේත ප්‍රධාන කිරීම ද සිදුවිය. මෙහිදි ජායාරූප කුටියක් ද ක්‍රියාත්මක වූ අතර එමඟින් පාරිභෝගිකයන්ට සිහිවටනයක් ලෙස තබාගත හැකි පරිදි ක්ෂණික ජායාරූප ලබාගැනීමටද අවස්ථාව හිමිවිය.

ආදරය,කැපවීම හා සදාකාලිකත්වයේ සංකේතයවන Paragon – Diamond Jewellery එකතුවේ සුන්දරත්වය මෙන්ම දියමන්ති වලින් නිර්මාණය වු සුවිශේෂි Opera Work Wear එකතුව සෞන්දර්යාත්මක වශයෙන් ප්‍රසන්න වන අතර රැකියාවට යන කාන්තාවන්ගේ පෞරුෂත්වය හා ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට උපකාරී වේ.

මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේස්වර්ණාභරණ අත්දැකීමක් ලබාදෙමින් ජිවිතයේ සුවිශේෂි කඩඉම් සැමරීමට දිරිමත් කරනු ලබන සුඛෝපභෝගී දියමන්ති ස්වර්ණාභරණ රාශියක් ද මේ යටතට අන්තර්ගතය. දශක ගණනාවක් පුරාවට රාජා ජුවලර්ස් මෙරට පාරිභෝගිකයන්ගේ ජිවිතයේ සුවිශේෂි අවස්ථා සදාකාලික මතකයන් බවට පත්කිරීමට උසස් හා ගුණාත්මක තත්ත්වයේ ආකර්ෂණීය මෝස්තර නිර්මාණය රැසක් ඉදිරිපත් කර තිබේ.

Visits: 32