LOLC General Insurance ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය වෙයි

2023 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත් වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස LOLC General Insurance සන්නාමය පත්ව ඇතැයි වාර්තා පවසයි.

ජාත්‍යන්තර සන්නාම වර්ගීකරණ ආයතනයක් වන Brand Finance මගින් 2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම සහ ශක්තිමත්ම සන්නාම සම්බන්ධයෙන් නිකුත් කළ  නවතම ශ්‍රී ලංකා 100 2023 වාර්ෂික වාර්තාවට අනුව මෙම නම් කිරීම සිදුව තිබේ.

එම වාර්තාවට අනුව මේ වසරේදී LOLC General Insurance සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 13.39කි. එය පෙර වසරේ එම සන්නාමය හිමිකරගත් වටිනාමට සාපේක්ෂව 36%ක ඉහළ යාමකි.

ඒ අනුව LOLC General Insurance සන්නාමය මෙම ලැයිස්තුවෙහි පෙර වසරේ රැඳී සිටි 91 වැනි ස්ථානයේ සිට 74 වැනි ස්ථානය වෙත ඉහළට පැමිණීමට සමත්ව තිබේ. මෙහිදී LOLC General Insurance සන්නාමය 2022 වසරේදී හිමිකරගත් රුපියල් මිලියන 379ක වටිනාකම 2023 දී 513ක් දක්වා  ඉහළ නංවා ගෙන තිබේ.

විශේෂයෙන්ම වසංගත කාලසීමාවේදී LOLC General Insurance සමාගම නවෝත්පාදන රක්ෂණ විකල්ප හඳුන්වාදෙමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩාත් සක්‍රීයව කටයුතු කිරීම හරහා එම සන්නාමය ජනතාව අතර වඩාත් හුරුපුරුදු සහ අවධානය යොමු කරවන සන්නාමයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණු බව Brand Finance පවසයි. එසේම එහි ප්‍රවර්ධන කටයුතු සහ පිළිගැනීම ඉහළ යාමත් මේ සඳහා හේතුව වී තිබේ.

Visits: 110