ලොව සුප්‍රසිද්ධ Giti ටයර් මෙරට වෙළෙඳපොළට හදුන්වාදෙයි

වටිනාම ගෝලීය ටයර් සන්නාමයන් 10 අතරට ශ්‍රේණිගත වී ඇති  Giti ටයර් ශ්‍රී ලාකේය වෙළෙඳපොලට හඳුන්වාදීම පසුගියදා සිදුවිය. 

ප්‍රමුඛ පෙළේ වායු සමීකරණ පද්ධති ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඇක්වෝරා පුද්. සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් පුද්. සමාගම (Akvora International Pvt Ltd) සිය පළමු ටයර් නිෂ්පාදනය ලෙස Giti ටයර් ඒ ආකාරයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී.

මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දිගුකාලීන අත්දැකීම්වලින් පරිපූර්ණ ආයතනයක් වන ඇක්වෝරා ඉන්ටර්නැෂනල් අති දක්ෂ වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබය.

Giti ටයර් ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා පවත්වනු ලැබූ විශේෂ උත්සවය සඳහා  ඨසඑස ටයර් සමූහයේ ආසියා, ඕස්ටේ්‍රලියා හා ශ්‍රී ලංකා විකුණුම් හා අලෙවි කළමනාකාර Nik Goh මහතා සහ ආසියා, ලතින් ඇමරිකා, මැද පෙරදිග, අප්‍රිකා හා සමුද්‍රීය අලෙවි ප්‍රධානී Shiroo chia මහත්මිය එක් වූ අතර ඔවුන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය Giti ටයර් සඳහා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලෙහි ඇති වැදගත්කම මනාව ප්‍රදර්ශනය කරන ලදී. එම උත්සයේදී ශ්‍රී ලංකාව සඳහා වන ඨසඑස ටයර් සන්නාමයේ දැක්ම පිළිබඳව සජීවී සාකච්ඡාවක් හා සුහද අදහස් හුවමාරුවක් ද සිදු විය.

1951 වසරේදී ආරම්භ කළ Giti ටයර් සමූහයේ ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටුවා ඇති අතර අද වන විට ලොව විශාලතම ටයර් සමාගමක් ලෙස වාහනවල ප්‍රධාන ටයර් නිෂ්පාදන, රථ වාහන සේවා අලෙවිසැල් , මෝටර් රථ ක්‍රීඩා කණ්ඩායම්, ටයර් අලෙවි නියෝජිතයින්ගෙන් සන්නද්ධ Giti ටයර් රටවල් 130කට අධික ප්‍රමාණයක සුවිසල් පාරිභෝගික ප්‍රජාවකටද හිමිකම් කියයි. විශේෂයෙන් ගුණාත්මක නිෂ්පාදනයක් වෙනුවෙන් සමූහය දක්වන කැපවීම හා General Motors, VW, Renault සහ Pegeot වැනි ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයින් සමඟ වන ශක්තිමත් හවුල්කාරීත්වය නිසාම ඨසඑස ටයර් රියදුරන්ගේ වඩාත් කැමති තේරීම බවට පත්ව ඇත.

තවද ටයර් නිෂ්පාදනයේ නවෝත්පාදන හා විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී කටයුතු කරන Giti ටයර් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන 4ක් හා එක් පරීක්ෂණ මධ්‍යස්ථානයක් තුළින් ගෝලීය වශයෙන් අඛණ්ඩව පහසු හා ආරක්ෂිත ගමනක් සහතික කිරීම සඳහා ඉහළම තාක්ෂණයන් හා අති නවීන උපකරණ වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි. මේ නිසාම මගී මෝටර් රථ මාදිලි 260කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ට්‍රක් රථ හා බස් රථ මාදිලි 375ක් සඳහා වඩාත් කැමති නියම ටයර් සැපයුම්කරු බවට පත්වීමට සමත්ව ඇති ඨසඑස  පුළුල් පරාසයක විහිදුණු සේවාවන් තුළින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර ඇත.

ලොව පුරා රටවල් 130ක අලෙවි මධ්‍යස්ථාන 70,000කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන Giti ටයර් රියදුරන්ගේ විශ්වාසදායී හා ආරක්ෂාකාරී තේරීමක් බවට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව හා චීනය යන රටවල ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන කම්හල් 5ක් තුළදී ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව ඉහළම තත්වයේ ටයර් නිෂ්පාදනය සිදු කරන ඨසඑස ටයර් පාරිභෝගිකයින් වෙත අසමසම සේවාවක් ලබා දීම වෙනුවෙන් සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය සහ ඩුබායි ඇතුළු ලොව පුරා රටවල් 10ක සිය කාර්යාල ස්ථාපිත කර ඇත.

Visits: 98